මේවනේ පොරොන්දු – සියලු උපාධිධාරීන්ට මාස හයකින් රැකියා

Maithripala-Sirisenaමැතිවරණය හේතුවෙන් කල්දැමූ සම්මුඛ පරීක්ෂණ ඉදිරි මාස දෙක තුළදී පවත්වන බවත්, දිවයිනේ සියලු උපාධිධාරීන්ට රැකියා ලබාදීමේ කටයුතු ඉදිරි මාස හය තුළ ක්‍රියාවට නංවන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. පසුගියදා (03) මඩකලපුවේ පැවති උපාධිධාරීන්ට ගුරුපත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවයේදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

නැගෙනහිර පළාතේ ගුරු වෘත්තියේ මෙන්ම අනෙකුත් රාජ්‍ය සහ පළාත් ආයතනවල පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම කඩිනමින් සිදු කරන බවද ජනාධිපතිවරයා මෙහිදී පැවසූ අතර, නව අධ්‍යාපන ප්‍රතිපත්ති හා සැලසුම් තුළින් අධ්‍යාපන ක‍්‍රමයේ වෙනස්කිරීම් සිදුකිරීම පිළිබඳව රජයේ අවධානය යොමුකර ඇති බවද අවධාරණය කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.