මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න

 

clenched-fist-hand-victory-revolt-concept-revolution-solidarity-32848736

 

 

නිදහස් පක්ෂ මූලස්ථානයේ දී ඊයේ (03) පැවති මාධ්‍ය හමුවට පැමිණි මාධ්‍යවේදීන්ට බෙදා දුන් “මේ ගැනත් සිතන්න. පක්ෂය රැක ගන්න.” යනුවෙන් සඳහන් පොත සම්බන්ධයෙන් තමන් කිසිවක් නොදන්නා බවත් එය කැලෑපත්තරයක් බවත් පක්ෂයේ මාධ්‍ය ඒකකයක් නොමැති බවත් සඳහන් කරමින් එම මාධ්‍ය හමුවට සහභාගී වූශ්‍රීලනිපයේ ජාතික සංවිධායක සුසිල් ප්‍රේමජන්ත මහතා පක්ෂයේ නිල ප්‍රකාශනයක් ලෙස වගකීම භාර ගැනීම ප්‍රතික්ෂේප කළේය.

කෙසේ නමුත් ශ්‍රීලනිපයේ මාධ්‍ය කමිටුවේ ලේකම් තිලංග සුමතිලාග මහතාද මෙම මාධ්‍ය හමුවට සහභාගී වී සිටි අතර ඔහුගේ මේ සම්බන්ධයෙන් මාධ්‍ය වේදීන් සිදුකළ විමසීමේදී ඊට ප්‍රතිචාර දක්වමින් මන්ත්‍රීවරයා කියා සිටියේ පක්ෂය විසින් මුද්‍රණය කළ මෙම පොත පක්ෂ මහලේකම්වරයා වෙත භාරදීමට සැලසුම් කර තිබූ නමුත් මේ පිළිබදව පක්ෂයේ ජාතික සංවිධායකවරයා නොදන්නා බවය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර පි‍්‍රයදර්ශන යාපා මහතා පවසන්නේ මෙම පොත සම්බන්ධයෙන් තමන්ද කිසිවක් නොදන්නා බවය.

එම පොතෙහි දැක්වෙන පරිදි පසුගිය ජනාධිපතිවරණයෙන් පසු, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, විපක්ෂ නායක ධුරයට පත් කිරීම සඳහා ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකුගෙන් කඩිනම් ඉල්ලා අස්වීමේ ලිපියක් ද ලබා ගෙන තිබෙන නමුත් පසුව හිටපු ජනාධිපතිවරයා ඊට එරෙහි වී ඇත. කෙසේ වෙතත් පසුගිය සමයේ එකම පවුලක් රට පාලනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවන් ද එහි දැක්වේ

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.