මේ චෝදනා බරපතලයි – දැනට ඇප නැත

pojith-hemasiri

අනිවාර්ය නිවාඩු යවා තිබෙන පොලිස්පති පූජිත් ජයසුන්දර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු

01. ප්‍රහාරය එල්ලවන දිනය හා වේලාව දැන සිටීම

02. මරාගෙන මැරෙන ප්‍රහාර බව දැන සිටීම

03. අදාළ අපරාධයට සම්බන්ධ පුද්ගලයන් නිවැරදිව හඳුනා ගෙන තිබීම

04. ඉලක්කය කතෝලික දේවස්ථාන සහ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය බව දැන සිටීම

05. මෙම අනතුර ගැන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා සහ ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් දැනුවත් නොකිරීම වන වරද කිරීම හේතුවෙන් සාපරාධි වරදකට වගකිවයුතු බව පැමිණිල්ල විසින් පෙන්වා දී ඇත.

පූජිත් සහ හේමසිරි නිවැරදිකරුවන් බවට ඇති තර්ක

හේමසිරි ප්‍රනාන්දු හා පූජිත් ජයසුන්දර යන තම සේවාදායකයන් නිවැරදිකරුවන් බව පැහැදිළි කරමින් ඔවුන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

”අයිස් ඔන්ලි”

ඔහු පහත සඳහන් තර්ක ඉදිරිපත් කරනු ලැබීය.

01. හේමසිරි ප්‍රනාන්දුට රාජ්‍ය බුද්ධි අංශයෙන් කිසිඳු ලිපියක් ලැබී නොමැති අතර ඔහු මේ ගැන දනුවත් වූ එකම ලිපිය ලැබුණේ ජාතික බුද්ධි අංශ ප්‍රධානියාගෙන් ලද ලිපියකින් බව.

02. ”අයිස් ඔන්ලි” ලෙස සඳහන් වුවද එම වාර්තාවේ බැරෑරුම්කම සළකා පොලිස්පතිවරයා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරු සිවුදෙනෙකුට ලිපි යවා ඇති බව.

03. අප්‍රේල් 09 කැඳවූ බුද්ධි තොරතුරු රැස්වීමේදී මෙම අවදානම ගැන රාජ්‍ය බුද්ධි ප්‍රධානියා කිසිදු අදහසක් නොදැක්වීම.

04. ඉන්දියාවෙන් ලද තොරතුරු මේ වනතෙක් නිරීක්ෂණය වී නොමැති බව අප්‍රේල් 09 දින ද පොලිස්පතිවරයා වෙත දන්වා තිබීම.

05. අප්‍රේල් 09 සිට 18 දක්වා මේ අනතුර ගැන කිසිදු දැනුවත්කමක් නොකිරීම.

ඔහු අවධාරණය කළේ ප්‍රහාරයට පෙර දිනයේ සහ ප්‍රහාරය සිදු වූ දින පෙරවරුවේ ‘WhatsApp’ සහ දුරකථන ඇමතුම් ඔස්සේ පොලිස්පතිවරයා හා හිටපු ආරක්ෂක ලේකම්වරයා දැනුවත් කළ බව පැවසුව ද එම තොරතුරු නිශ්චිත ඒවා නොවන බවය.

එම ඇප ඉල්ලීමේ තීන්දුව ලබන 09 වෙනිදා ප්‍රකාශයට පත් කරන බව සඳහන් කළ මහේස්ත්‍රාත්වරිය එදින දක්වා සැකකරුවන් තවදුරත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.