මෛත්‍රිය ගේ නිදහස් කිරීමට හතරවටින් විරෝධය

රෝයල් පාක් ඝාතන සිදුවීමේ චූදිතට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති සමාව දීමට ගත් තීරණය නීතිවිරෝධී, අසාධාරණ හා අයුක්තිසහගත සිදුවීමක් ලෙස හෙළා දකින බව ජාතික ජනබල වේගයේ ජනපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසන අතර සජිත් ප්‍රේමදාස මහතාද මෙම නිදහස් කිරීම හෙළා දැක ඇත ජෙනරල් සරත් ෆොන්සේකා පසුගියදා කියා සිටියේ දහස් කිරීමහා අල්ලස් වීම අතර සම්බන්ධයක් තිබිය හැකි බවයි.
පූජ්‍ය අතුරලියේ රතන ස්වාමීන් වහන්සේ නිදහස් කිරීම සඳහා මූලිකත්වයක් ගත් බව ජනාධිපති කාර්යාලය කියා සිටී.
රෝයල් පාර්ක් මිනීමැරුමේ මරුණ දඩුවම නියම වූ විත්තිකරුට දුන් ජනාධිපති සමාව තමන්ටද ලබාදෙන ලෙසට වැලිකඩ බන්ධනාගාරයේ සිරුකරුවන් දෙදෙනෙකු වහලයට නැඟීමත් සමඟම වැලිකඩ , අඟුණුකොලපැලැස්ස සහ බූස්ස බන්ධනාගාරවල ද මේ වන විට නොසන්සුන්තාවයක් හටගෙන ඇත.
අද පෙරවරුවේ සිට ‘‘එල්‘‘ ශාලාවේ සිරකරුවන් පිරිසක් ඊට සහය පලකරමින් සිරවාට්ටුවේ පිටතට පැමිණ ආහාර වර්ජනයක යෙදී සිටින බවද පැවසේ.
චැපල් ශාලාවේ ඒ 3, බී 3, සී 3 ශාලාවල රඳවා සිටින මරණ දඩුවම නියම වූ සිරකරුවන් පිරිසක් මේ වනවිට වහලය මත සිටින සිරකරුවන්ට සහය දක්වන්නට පටන් ගෙන ඇතැයිද දැනගන්නට තිබේ.
ඔවුන්ගෙන් කිහිපදෙනෙකු ද දිවා හා රාත්‍රී ආහාර වර්ජනයක යෙදී සිටින බව වාර්තාවේ.
ugathkamak nethi miniseku rata anatha kala sepa winda. rata sawari giya api duk windiddi me kalakanniya sepa winda elaw a damamu ratinma elawamu