මෛත්‍රි ඔපරේෂන් එක සාර්ථක වෙයිද?

maithripala-sirisena‘හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් පැවසීය.

‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයා පවසන්නේ පාර්ලිමේන්තුව හරහා නීති සම්පාදනය කොට ඉක්මන් මාර්ග වලින් මුදල් අයකරගැනීමටත් හොරුන්ට දඬුවම් කිරීමටත් කටයුතු කරන බවයි. පළමුකොටම මේ සඳහා එක්සත් ජාතික පක්ෂයේ සහයෝගය ලැබේද යන්න ප්‍රශ්නයකි.

දෙවනුව නීතියට එපිටින් කොතෙක් දුර ගමන් කළ හැකිද යන්න ප්‍රශ්නයකි. මේ ප්‍රශ්න කෙසේ වෙතත් ජනධිපතිවරයා සද් චේතනාවෙන් කටයුතු කරන තාක් කල් මෙම ඔපරේෂන් එක සාර්ථක වීම ශ්‍රී ලාංකික හැමගේ පැතුමයි. මන්ද මෙය ටයි බයි පළදින මහත්වරුන්ගේ තුන්වන පෙළේ හොරකමකි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.