මෛත්‍රීගේ ගෞරවණිය තීන්දුව ඉවත් වීම ද?

පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කියා සිටියේ ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් තම පාක්ෂිකයින් ගැන සිතා ගෞරවනීය තීන්දුවක් ගන්නා බවයි . මේ ගෞරවනීය තීන්දුව යනු තරග නොකර පොදුජන පෙරමුණට සහයෝගය දීම විය හැකි බව දේශපාලන විචාරකයින් පවසති.

එහෙත් එසේ කිරීමේදී තමන්ගේ වාසිය සඳහා ගෙවල් කොට තමන්ට සජිත් ප්‍රේමදාසට සහයෝගය ලබාදියහැකි බව ඉඟි කිරීමට ඉඩ ඇත.

මේ තුළින් මීළඟ ජනාධිපති අපේක්ෂක මීළඟ ජනාධිපති අපේක්ෂකයෙකුට අත ලකුණෙන් තරග කිරීමට ඉඩ සලස්වා ඔහු කෙරේ තමන්ගේ බලපෑම පවත්වාගෙන යෑමේ සරමක හෝ හැකියාවක් මෛත්‍රිපාල සිරිසේන හට ලබාගත හැකිය.

නව ව්‍යවස්ථාව

පොදුජන එක්සත් පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර පැවැත්වෙන මීළඟ සාකච්ඡාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය නායක නිමල් සිරිපාල ද සිල්වා විසින් ඉදිරිපත් කොට ඇති නව ව්‍යවස්ථාව පිළිබඳව සාකච්ඡා කෙරෙනු ඇත . මේ සඳහා පසුබිම සැකසීම පිණිස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට ඇත්තේ රට යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන දෙකම අවලංගු කළ යුතු බව බවයි .

පසුගිය වසර හතරහමාරක කාළය තුළ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදුකළ යුතුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන් අණ්ඩුව නරක් විමට ප‍්‍රධානතම හේතුව 19 වන සංශෝධනය බවත් එම සංශෝධනය ඉදිරිපත් නොවුණේ නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.