මෛත්‍රීට -රනිල්ට නීතිපති සහය නෑ

තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලකා ගත යුතු බව කියා සිටියේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධනයි. හිටපු අගමැති වරයාට සහ හිටපු ජනාධිපතිවරයාට දැන් අධිකරණය ඉදිරියේ තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම තත්ත්වයක් උදාවී ඇත.

ජනතාවගේ මූලික අයිතීන් උල්ලංඝණය කළ බවට චෝදනා කර ඇති පෙත්සම්වල වගඋත්තරකරුවන් ලෙස නම්කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තවදුරටත් නීතිපතිවරයා පෙනී නොසිටින බවට අද ( 20) ශ්‍රේෂ්ඨාධිකරණයටදැනුම් දුන්නේ රජයේ අතිරේක සොලිස්ටර් ජනරාල් ෆර්සානා ජමීල් මහත්මියයි.

හිටපු ජනාධිපතිවරයා සහ හිටපු අග්‍රාමාත්‍යවරයා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරු දෙදෙනෙකු පෙනී සිටියහ. මේ චෝදනා බරපතළය. රනිල්ට සහ මෛත්‍රියට විරෝධතා ගොනු කිරීමට මාර්තු 10 වනදා දක්වා කල් ලැබී ඇත.

මේ අතරවාරයේ පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සාපරාධී ලෙස තම රාජකාරිය පැහැර හැරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු තවදුරටත් රිමාන්ඩ් කොට ඇත.

පෙත්සම් විභාගය මැයි මස 12, 13 සහ 14 යන දිනවල සිදු කරන්නේ අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, එල්. ටී.බී. දෙහිදෙණිය, මුර්දු ප්‍රනාන්දු සහ ප්‍රීති පද්මන් සූරසේන යන විනිසුරු මඬුල්ලය.  ජයන්ත ජයසූරිය අගවිනිසුරුවරු තනතුරට පත් කළේ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.