මෛත්රිපාල සිරිසේන ජනාධිපතිවරයා ගේ ප්රධාන පෙළේ උපදේශකයෙකු ශිරාල් ලක්තිලක දැන් කියා සිටින්නේ සිරිසේන ජනාධිපතිවරයා ඉලක්ක සපුරා නො ගත් පුද්ගලයෙකු වන බවයි.
පාලකයින්ට වැරදි සිදුවීම ස්වභාවික බව කියන ශිරාල් ලක්තිලක පවසන්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට වරදින බව තමන් දැන සිටි බවයි ශිරාල් පවසන්නේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන facebook සහ පුවත්පත් ඔස්සේ තොරතුරු දැනගත් බව යන මතය පිළිබඳව ශිරාල් ලක්තිලක කියාසිටින්නේ ජනාධිපතිවරයා එසේ නොකරන බවයි.
නිර්ප්රභූ දේශපාලනඥයින් විකටයින් සහ දුෂ්ටයින් බවට පත් කිරීම සිරිතක් වන බවත් ජනාධිපති විශේෂයෙන් එහි ගොදුරක් වී සිටින බවත් පවසන ශිරාල් ලක්තිලක මෛත්රීපාල ජනාධිපතිවරයා යහපත් මානසික මට්ටමක පසුවන බව යි