මෛත්‍රීට සම්මානයක් – පෙර ගමන් සූදානමක්

විධායක ජනාධිපතිවරයා ලෙස මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී සහභාගි වන අවසන් උත්සවය අද (14) පැවැත්වේ. ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න ප්‍රමුඛ කාර්ය මණ්ඩලය එය සංවිධානය කර තිබේ.

රෝහල්වලට අවශ්‍ය වෛද්‍ය උපකරණ සහ නිවුන් දරුවන්ට ජනාධිපති අරමුදල යටතේ ආධාර ලබාදීම, ජනාධිපති කාර්ය මණ්ඩලයට හිමිවූ ඵලදායිතා සම්මානය ජනාධිපතිවරයාට පිරිනැමීම ආදී වැඩසටහන්ද ඒ අතර වේ. ජනාධිපති මෛත්‍රීපාල තමන්ගේ ධුරයෙන් සමු ගන්නේ ප්‍රතිඵල හා හැඟීම් සහිත ඉතිරි කරමිනි.

ජනාධිපති මහින්ද රාජපක්ෂට එරෙහිව අභියෝගාත්මක ලෙසින් ඉදිරිපත් වී වඩා නිදහස හා සමාජ ක්‍රමයක් වෙනුවෙන් සිටීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ලැබූ ප්‍රබලතම ජයග්‍රහණයයි.

අවසන් කැබිනට් මණ්ඩලයේ දී ද ඔහු කියා සිටියේ තමන්ගේ ධුර කාලය තුළදී ජන එකදු වෙඩිල්ලක්වත් පත්තු නොවූ බවයි.

පාස්කු ඉරිදා බෝම්බය වලක්වා ගැනීමට නොහැකි වීම, දූෂණ චෝදනා එල්ල කළ පිරිස්වලට එරෙහිව නිසි පියවර ගත නොහැකි වීම, අපරාමිතික ලෙස මාරු කිරීම, එකිනෙකට පරස්පර විරෝධී නිරන්තරයෙන් ඉදිරිපත් කිරීම ධුරයෙන් සමු ගන්නා ජනාධිපතිවරයාට එල්ල වන ප්‍රධාන චෝදනා බවට පත්ව තිබේ.

පොදුවේ සුහදශීලී සහ දූෂණයෙන් තොර ජනාධිපති වරයෙක් ලෙස මෛත්‍රිපාල සිරිසේන ප්‍රතිරූප ගතවී තිබේ.

පාර්ලිමේන්තුවට

අලස සුවයට වඩා ක්‍රියාශීලී දේශපාලනයට තමන් ප්‍රියකරන බව කියන ජනාධිපති සිරිසේන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්වීමට ඉඩ තිබේ.

ඉදිරි මැතිවරණයේදී කවුරු ජයගත්තත් ආණ්ඩුවක් පිහිටුවීමේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සඳ අවශ්‍ය වන හෙයින් ජනාධිපති දුරෙන් සමුගත්තත් මෛත්‍රිපාල සිරිසේනට දේශපාලන භූමිය තුළ සාපේක්ෂ වශයෙන් වැදගත් තැනක් හිමිවනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.