මෛත්‍රීට සිවුදිගින් විරෝධය

Roshan Ranasinghe

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාව ශ්‍රී ලංකා නිදහස් පොදුජන සන්ධානයේ සම නායකයකු ලෙස පත් කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොලොන්නරුව දිස්ත්‍රික් නායක රොෂාන් රණසිංහ රාජ්‍ය අමාත්‍යවරයා දැඩි විරෝධයක් පළ කරන අතරවාරයේ බොහෝ දෙනෙක් ඔහුට එක්ව සිටිති.

මෛත්‍රිපාල සිරිසේන මහතාට ඉදිරි මහමැතිවරණය සඳහා නාමයෝජනා ලබාදීමට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විරෝධය පළ කරන පිරිස් ඉදිරිපත් කරන ප්‍රධාන තර්කය නම් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයේ වගකීම හිටපු ජනාධිපතිවරයා වෙත එල්ලවන අවස්ථාවේදී, තමන්ට ඊට ප්‍රති උත්තර බැලීමේ හැකියාවක් නොමැති වන බවයි.

එක්සත් ජාතික පක්ෂයේ රංගේ බණ්ඩාර මන්ත්‍රීවරයා පසුගියදා කියා සිටි හිටපු ජනාධිපතිවරයා ගෙ වගකීම් පැහැර හැරීම දැඩිව දක්නට ලැබෙන බවත් ඒ පිළිබඳව වහාම පියවර ගැනීම ආණ්ඩුවේ වගකීමක් වන බවත්ය.

අනෙක් අතට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රකාශිත සහයෝගය නැතිව පොහොට්ටුවට මහමැතිවරණය පහසුවෙන් ජය ගත හැකි තත්ත්වයක් තිබෙන අවස්ථාවකදී මෛත්‍රිපාල සිරිසේන එක්කර ගැනීම වාසියකට වඩා අවාසියක් ගෙන දෙන බවයි ඇතමුන් තර්ක කරන්නේ.

මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධ කර ගැනීම පිළිබඳව ප්‍රබල විරෝධයක් ඉදිරිපත් කල දේශපාලනඥයෙක් වන ප්‍රසන්න රණතුංගයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.