මෛත්‍රී ඊළඟ කන්නෙත් වපුරනවා

maithripalaජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරය අත් නොහරින බව අද කන්තලේ පැවති ජන රැලියකදී අප්පච්චි මළා කණ්ඩායමේ නායකයෙක් වන වාරිමාර්ග අමාත්‍ය විජිත් විජතමුණි සොයිසා මහතා අනාවරණය කර සිටියේය.

“ඔබතුමා එක කන්නයක් කපල, පාගල, වපුරල යන කෙනෙක් නෙවෙයි. ඔබ තුමා මේ කන්නෙ විතරක් නෙවෙයි එන කන්නයෙත් වපුරනවා, පාගනවා, කොටනවා, කපනවා, ජනතාවට දෙනවා.

මොකෝ මෙතුමා කිරෙන් බාලවෙලාද? චන්ද්‍රිකා දෙසැරයයි. මහින්ද රාජපක්ෂ මහත්තයත් එකසැරයක් කරල දෙවෙනි බත් පිඟාන බෙදාගෙන බාගයක් කාලා තුන බෙදාගන්න ගිහිල්ලා පිඟාන හලාගත්ත. ඒකට අපිට කරන්න දෙයක් නැහැ.” යැයි ඔහු එහිදී සඳහන් කර සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.