මෛත්‍රී ක්‍රිකට් දූෂිතයින් ආරක්ෂා කළ හැටි අර්ජුන පවසයි

maithripala sirisena

පසුගිය ආණ්ඩු කාලයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන කළ ‘වෝහාරික විගණනය’ විශේෂ වාර්තාවක්’ ලෙසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුනේ දුෂිතයන් ආරක්ෂා කිරීමේ කුමන්ත්‍රණයක කොටසක් ලෙසින් බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුන රණතුංග මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසූයේ.

” විගණකාධිපති දෙපාර්තමේන්තුව ක්‍රිකට් ආයතනය ගැන වෝහාරික විගණනයක් සිදු කළා. මේ ලිපිය එවකට ක්‍රීඩා අමාත්‍යාංශයේ ලෙක්ම්ට යවන්නේ විගණකාධිපති වෙනුවෙට නියෝජ්‍ය විගණකාධිපතිතුමා විසින්. මෙහි පැහැදිලිවම සඳහන් වෙනවා වෝහාරික විගණනය කියලා.

නමුත් මේ විගණනය පාර්ලිමේන්තුවට යන්නේ විශේෂ වාර්තාවක් ලෙසට. එහෙම වුණේ කොහොමද ? ඒ වගේම මේ වාර්තාවේ ක්‍රිකට් ආයතනයේ හුඟාක් දේවල් යට ගහලා තියෙනවා. ”

ක්‍රිකට් කැම්පස් එකක් සෑදීම, ක්‍රමවේදයක් නොමැති ව හතුරුසිංහ බඳවාගැනීම,CCTV දර්ශන මකා දමා ජනාධිපතිවරණ සමයේ ලිපිගොනු ඉවත් කිරිම, වැනි දූෂණ රැසක් සිදුව ඇති බව අර්ජුන රණතුංග පෙන්වාදුන්නේය.

ක්‍රිකට් තරග පාවාදීම් ගැන තොරතුරු ඇතුළත් හඬපට කිහිපයක් රන්ජන් රාමනායක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ළඟ ඇති බවත් එම හඬපට ප්‍රසිද්ධ කරන ලෙසට තමන් ඔහුගෙන් ඉල්ලා සිටි බවත් අර්ජුන රණතුංග මහතා මෙහිදී කියා සිටියේය.

ක්‍රිකට් ආයතනයට කඩා පනින ලෙසට තමන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටින බව හිටපු ක්‍රිකට් ක්‍රීඩා නායකයා පැවසීය.

“මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්…”

මෛත්‍රීපාල සිරිසේන

”අපේ කාලයේදී සූදුකාරයෝ රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. රාජ්‍ය නායකයෝ හොරු අල්ලන්න කලින් හොරු සූදුකාරයෝ ගිහිල්ලා රාජ්‍ය නායකයෝ ඇල්ලුවා. ඒ නිසා අපේ ආණ්ඩු කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හොරුන්ගෙන්, සූදුකාරයින්ගෙන්, දූෂිතයින්ගෙන් බේරා ගන්න බැරිවුණා.

විශේෂයෙන්ම මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාව ජනාධිපතිධුරයට ගේන්න මූලික වුණු කෙනෙක් මම. නමුත් කොච්චර සාකච්ඡා කළත් කොච්චර කරුණු පෙන්නුවත් මෛත්‍රීපාල ජනාධිපතිතුමාගේ කාලයේදී ක්‍රිකට් ක්‍රීඩාව හරි මඟට ගේන්න බැරි වුණා.”

“මම කියන්නේ ඉස්සෙල්ලාම පනින්න ඕන ක්‍රිකට් බෝර්ඩ් එකට. යනකොට ජනාධිපතිතුමා කිව්වොත් අපිත් එන්නම්, අපි හොරු ටිකත් පෙන්නන්නම්…”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.