මෛත්‍රී ඝාතන සැලසුමක් – මැතිවරණ තුරුම්පුවක්?

maithripalaජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඝාතනය කිරීම සඳහා චෞර ප්‍රභූ සාමාජිකයින් සුදානම් වෙමින් සිටින බව මහින්ද අමරවීර ඇමතිවරයා පවසයි. මේ පිළිබඳව තමන්ට ආරංචියි ලැබී ඇති නමුත් නිසි තොරතුරු නැති හෙයින් කිසිත් නොකරන බවයි අමරවීර ඇමතිවරයා කියා සිටින්නේ.

මේ පිළිබඳව කතාබස් කිරීමට බැසිල් රාජපක්ෂ ඇමැතිවරයා ප්‍රසන්න රණතුංග මන්ත්‍රීවරයා සහ දකුණේ ප්‍රබල එක්සත් ජාතික පක්ෂ ඇමතිවරයෙක් අතරේ කතාබහක් ඇතිවූ බවයි අමරවීර පවසන්නේ. දේශපාලන විචාරකයින් දක්වන්නේ මෙය අවසන් මොහොතේ සිරිසේන ජනාධිපතිවරයා වෙත අනුකම්පාව ලබා ගැනීම සඳහා යොදන උපක්‍රමයක් ලෙසිනි හැඳින්විය හැකි බවයි.

විශේෂයෙන්ම පොලිසියට පැමිණිලි නොකොට බරපතල චෝදනා ඉදිරිපත් කිරීම වැරදි බවයි බවයි ඇතැම් පිරිස් පෙන්වා දෙන්නේ. මාධ්‍ය වාර්තා කරන අන්දමට බැසිල් රාජපක්ෂ හිටපු ඇමතිවරයා සම්බන්ධයෙන් නිත්‍යානුකූල පියවරක් ගැනීමට සූදානමෙන් සූදානම් වෙයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.