මෛත්‍රී පාර්ලිමේන්තුවට ?

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති ධුරය යළිත් වරක් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ලබා දී තිබේ. මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය ජනාධිපතිවරණයේ දී නිර්පාක්ෂිකව කටයුතු කිරිම හේතුවෙන් තාවකාලිකව පක්ෂ සභාපති ධුරය මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතාට භාරදෙනු ලැබුවේය. ඒඅනුව යළිත් වරක් පක්ෂ සභාපති ධුරය හිටපු ජනාධිපතිවරයාට භාර දුන් බව මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා සදහන් කළේය.

පාර්ලිමේන්තුව ලිපියක් මේ ආකාරයේ හොදම කටයුතු කරගෙන ගියහොත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජාතික ලැයිස්තු හරහා පාර්ලිමේන්තු බලය එක් වීමේ ඉඩක් ඇත.

ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය ගත් තීන්දුවට පිටින් යමින් වෙනත් අපේක්ෂකයන්ට සහය දීමට එක්වූ ආසන සංවිධායකයන් ඉවත් කර තම සංවිධායකයන් පත්කිරිමටත්, වෙනත් අපේක්ෂකයන්ට සහාය දුන් සංවිධායකයන්ට එරෙහිව විනය පියවර ගැනීමටත් දේශපාලන මණ්ඩලය තීරණය කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.