මෛත්‍රී වටා දේශපාලන සුළි සුළඟක්

Maithripala Sirisenaජනාධිපති  මෛත්‍රීපාල සිරිසේනගේ දේශපාලන ස්ථාවරය  සම්බන්ධයෙන් කවර ක්‍රියා පිළිවෙතක් අනුගමනය කළ යුතුද සම්බන්ධයෙන්   එක්සත් ජාතික පක්ෂය තුළ දේශපාලන කුණාටුවක් වර්ධනය වෙමින් පවතී. දෙවන  පෙළ කස කරුවන් පිරිස දැනටමත් වඩා ආරම්භ කොට ඇත.

‘‘දැන් මේගොල්ලො හිතන් ඉන්නෙ මහින්ද රාජපක්ෂගෙන් ආප්ප කාලා ඇවිල්ලා මහින්ද රාජපක්ෂට කෙළියා වගේ අපේ පිහිටෙන් ජනාධිපතිවෙලා ඊළඟ ඡන්දෙදි අපට කෙළින්න‘‘යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා  ගොතටුව මාණික්කමුල්ලේ  පැවැති ජනහමුවකදී පැවැසීය.

හරින් ප්‍රනාන්දු පැවසුවේ මේ දිනවල තමන්ට මල පැන තිබෙන බවයි. ඊට හේතුව. තමන් විසින් ගෙනා ජනාධිපතිවරය ගේ අමුතු ටෝක් එකයි.

“අපි ගෙනාපු එක්කෙනා අමුතු ටෝක් දෙනවා මට ඒවා අල්ලන්නේ  නැහැ යැයි හරින් ප්‍රනාන්දු පැවසුවේ වැල්ලවත්තේ ජනහමුවකදීය.

රංජන් රාමනායක පුරුදු පරිදි  පීල්ල පැන ඇත

ඔහු කියා සිටින්නේ තම පිළේ අය හොරකම් කරන විට ජනාධිපතිවරයාට නිසොල්මන් ව සිටිය නොහැකි බවයි. බැඳුම්කර මගඩිය  විමසීම ජනාධිපතිවරයා ගේ යුතුකම බව රංජන් පවසයි.

“ජනාධිපතිතුමා අපේ ජනාධිපතිතුමා  ඉතින් එතුමා හොරු ලඟට තල්ලු කරන එක හොඳ නැහැ යැයි රංජන් පවසයි.

මේ අතරවාරයේ පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් පවසන්නේ මේ අවස්ථාවෙදී සිරිසේන ජනාධිපතිවරයා තම දේශපාලන අනාගතය වෙනුවෙන් දිවි නොතකා සටන් කරන හෙයින් ඔහුගේ සටන කරගෙන යෑමට ඉඩ දිය යුතු බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.