යහපාලනය බලයේ හිටියනම් බලන්න තිබුණා – අගමැති මහින්ද

mahinda rajapaksha

ඉතිරිව ඇත්තේ එකම විකල්පයයි, නැත්නම් අනාගතය අඳුරේ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ පවසයි. ‘මේ සිදුවී ඇති විපතෙන් ගොඩ ඒමට අපි එකාවන්ව කටයුතු කළේ නැතිනම් රටේ අනාගතය අතිශයින්ම අඳුරු වෙනු ඇතැයි” අග්‍රාමාත්‍යවරයා අනතුරු අඟවා සිටියි.

කොවිඩ්-19 වසංගතය ලංකාවට එන විට බලයේ සිටියේ යහපාලන කල්ලිය නම්, මේ රටට යන කලදසාව ගැන අමුතුවෙන් කිව යුතු නැති බවත් ඔහු කියා සිටියි.

වේගයෙන්ම සංවර්ධනය වෙන රට මොකද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට අනුව, 2014 දී ශ්‍රී ලංකාව ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වන රටක් විය. 2006-2009 යුද සමයේ වසරකට 6% ක් වූ සාමාන්‍ය ආර්ථික වර්ධන වේගය යුද්ධයෙන් පසු 2010-2014 කාල පරිච්ඡේදයේ 7.4% දක්වා වැඩිවිය.

2005 දී දළ ජාතික නිෂ්පාදිතයට සාපේක්ෂව 90%ක් වූ සමස්ථ ණයබර 2014 අවසන් වන විට 75% ක් දක්වා අඩුවී තිබිණි.

කොටස් වෙළඳපොලේ සමස්ත මිල දර්ශකය 2005 දී 1,922 ක් වූ අතර, 2014 අවසන් වන විට එය 7,299 ක් දක්වා වැඩිවී තිබුණි.

2005 දී ඇමෙරිකානු ඩොලර් 1,242 ක් වූ ඒකපුද්ගල ආදායම 2014 අවසන් වන විට ඩොලර් 3,819 දක්වා තුන්ගුණයකින් වැඩිවී තිබුණි.

නිදහස ලැබීමෙන් පසු ලංකාවේ විශාලම යටිතල පහසුකම් ඉදිකිරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වූයේද 2006-2014 කාලපරිච්ඡේදය තුළදීය.

මේ සියලුම ආර්ථික ජයග්‍රහණ අපි ලබා ගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008 – 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ඡයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක් වූ අතර 2010-2014 කාලපරිච්ඡයේදී එය ඩොලර් 103 ක් විය.

”මේ සියලුම ආර්ථික ජයග්‍රහණ අපි ලබා ගත්තේ 2007 ලෝක ආහාර අර්බුදයත්, 2008 – 2009 ගෝලීය මූල්‍ය අර්බුදයත්, ලෝක ඉතිහාසයේ ඉහළම තෙල් මිලත් මධ්‍යයේය. 2006-2009 කාලපරිච්ඡයේදී බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල ඇමෙරිකානු ඩොලර් 74 ක් වූ අතර 2010-2014 කාලපරිච්ඡයේදී එය ඩොලර් 103 ක් විය.”

‘2015 ජනවාරියේ සිට මේ සියල්ල කණපිට හැරුනේය’

2015 වසරේදී ආර්ථික වර්ධන වේගය 5%ක් දක්වා පහත වැටී ඉන්පසු සෑම වසරක් පාසාම ක්‍රමානුකූලව අඩුවී 2019 වන විට 2.3% ක් විය.

රුපියලට සාපේක්ෂව ඇමරිකානු ඩොලරයක වටිනාකම 2014 දී රුපියල් 130ක් වූ අතර, එය 2019 ඔක්තෝබර් වන විට රුපියල් 181 දක්වා වැඩිවී තිබුණි.

රටේ සමස්ථ ණය බර 2014 අවසානයේ රුපියල් ට්‍රිලියන 7.39 සිට 2019 ඔක්තෝබර් මාසය වනවිට රුපියල් ට්‍රිලියන 12.89 ක් දක්වා 74.4% කින් වැඩිවී තිබුණි.

2015 ජනවාරියේ සිට 2019 ඔක්තෝබර් දක්වා යහපාලන ආණ්ඩුව සවරින් බොන්ඩ්, ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර, සින්ඩිකේටඩ් ලෝන්, කරන්සි ස්වොප් වැනි නොයෙක් මූලාශ්‍ර වලින් ඇමෙරිකානු ඩොලර් බිලියන 26 ක විදේශ විනිමය ණය ලබා ගෙන තිබුණි.

මේ ආකාරයට ණය ගත්තද යහපාලන ආණ්ඩුව කිසිදු කල් පවතින, ආදායම් ලබන වත්කමක් නිර්මාණය කළේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.