
අරලියගහ මන්දිරයට ගිය නව අගමැති මහින්ද රාජපක්ෂ හට අපූරු ලිපිගොනු සම්‍යක් හමුවිය. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හා රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වය දුන්නා ඇමතිවරුන්ගේ ක්‍රියාකලාප අන්තර්ගත ලිපි ගොනුව.
මේවා වැරදීමකින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පත්වූ ලිපිගොනු ද එසේත් නැත්නම් නව අගමැතිවරයා අතර පත්කළ උභතෝකෝටික ප්‍රශ්නයක් බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ප්‍රශ්න කොට සිටී.
අගමැති කාර්යාලයපිරිසිදු කරමින් සිටි සේවකයින් පිරිසකට ක්‍රමානුකූලව තැන්පත් කරන ලද මෙම ලිපි ගොනු අඩංගු අල්මාරිය හමුවී තිබේ.
හිටපු අගමැති වික්‍රමසිංහ මහතාට මෙම ලිපිගොනුව අමතක වූවාද එසේත් නැත්නම් විදුලි ක්‍රිය හමාර ගැනීම සඳහා මේවා තබා ගියේද යන්න පිරිස අතර කතාබහක් ඇති විය.
හැම ඇමතිවරයාට මාගේ වෙනු ලිපිගොනුවක් වූ අතර ඒ තුළ ඔවුන් කළ ගනුදෙනු පිළිබඳ සටහන් තිබිණ .
ටෙන්ඩර් ගනුදෙනුවලදී එහා මෙහා වූ මුදල් අදාල පාර්ශවකරුවන්ගේ ලිපින ආදිය විය. මේ ලිපිගොනු පිළිබඳ අධ්‍යයනයක යෙදෙන නව අගමැතිවරයා මේවා අදාළ බලධාරීන් වෙතට යොමු කළහොත් අපූරු තොරතුරු රැසක් හෙළිදරව් වීමට ඉඩ ඇත