යහපාලන ඇමතිවරුන්ගේ සළුපට අහසට – සේනාධිපති හෙලිදරව්ව

Nishshanka Senadhipathi call records

රංජන් රාමනායකගේ හඬ පට පහසුවෙන පරදවාලිය හැකි හඬ පට තමන් සතු ඇතැයි විශ්‍රාමික කපිතාන් ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති පවසයි.

යහපාලන රජයේ ඇතැම් ප්‍රබල අමාත්‍යවරුන්, ඔවුන්ගේ ඥාතීන් හා සම්බන්ධිකරණ නිලධාරීන් කෝටි ගණනක මුදල් කප්පම් වශයෙන් ලබාගත් ආකාරය සටහන් වූ හඬපට රැසක් තමා සතුව ඇතැයි සේනාධිපති පවසයි.

මීට පෙර රාජිත සේනාරත්න ඇමැතිවරයාගේ ලේකම්වරයෙක්ගේ මුදල් ගනුදෙනුවක් ගැන සේනාධිපති තොරතුරු අනාවරණය කොට සිටියේය. සේනාධිපති, මූණු පොතේ මෙසේ පවසයි.

එම සටහනේ මෙසේද දැක්වේ.
”තමන්ගේ බිරිඳ සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාරගත කරන්නේ යයි තමන් භීතියට පත් කරමින් ලබා ගත් මිලියන 500 ක් පමණ වන මුදල ඔහු නම් ගම් සහිතව හෙළි කර ඇති අතර එම කප්පම් මුදල් ඉල්ලීම සඳහා තමන්ට ලබාදෙන ලද දුරකතන ඇමතුම් සියල්ල ද පටිගත කර ඇත.

මේ වන විටත් පසුගිය අණ්ඩුවේ හිටපු ප්‍රබලයෙක් සේනාධිපති මහතාගෙන් ලබා ගත් කප්පම් මුදලෙන් කොටසක් ගෙදරට ගෙනවිත් දී ඇති අතර ඉතිරි කොසටද වහා ගෙවන ලෙස ඔහුට දන්වා ඇත.

සේනාධිපති මහතා විසින් එවකට අල්ලස් කොමිසමේ හිටපු ප්‍රධානී දිල්රුක්‍ෂි ඩයස් වෙත ලබා දෙන ලද ඇමතුමක්ද ඔහු විසින් මෑතකදී අන්තර්ජාලයට මුදා හැරි අතර එය මහත් ආන්දෝලනයක් රටතුල ඇති කල අතර ඇයට සේවයෙන් ඉවත් වන්නටද සිදුවිය.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.