යාපනයේ වෛද්‍ය සිසුවියගේ ගෙල සිඳුනේ ඇයි?

යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පිඨයේ අධ්‍යාපනය ලබමින් සිටි වෛද්‍ය ශිෂ්‍යාවගේ ඝාතනය පවුල් ආරවුලක් මත සිදුව ඇති බව පොලීසිය පවසයි.

යාපනය සරසවියේ වෛද්‍ය පීඨයේ තුන්වැනි වසරේ ඉගෙනුම ලැබූ බේරුවල ප්‍රදේශයේ පදිංචි රෝෂිණි කාංචනා නැමති 29 හැවිරිදි සිසුවියක් මෙසේ ඝාතනයට ලක් වී ඇත.

29 හැවිරිදි විවාහක වෛද්‍යා ශිෂ්‍යාව ඊයේ(22) දහවල් ඇයගේ තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබුණි.

පවුල් ආරවුලක් හේතුවෙන් 30 හැවිරිදි ඇයගේ ස්වාමිපුර්ෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

ඔහු පරන්තන් යුද හමුදා කඳවුරේ සේවයේ නියුතු සෙබලෙකු වන අතර අපරාධය සිදු කිරිම සඳහා භාවිතා කරන ලද ආයුධය සමඟ යාපනය පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.