යාපනය ඇඳි සිතුවම් ගැන වචන හුවමාරුවක් හා විරෝධය

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට ඇදෙන සිතුවම් කීපයක් සම්බන්ධයෙන් ගැටුම්කාරී තත්වයක් නිර්මාණය වී තිබේ. ශ්‍රී ලංකා ට විජය කුමාරයාගේ පැමිණීම, දන්ත ධාතුන් වහන්සේ රැගෙන ආකාරය ආදී ඓතිහාසික පුරාවෘත්ත පිළිබඳව අඳින ලද චිත්‍ර සහ නිරාවරණය කරන්නට බලාපොරොත්තු වන ප්‍රතිමා සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරයා වෙත තම විරෝධය පලකොට ඇත.

මේ සිතුවම් සහ ප්‍රතිමා උතුරේ එම ප්‍රදේශවලින් ඉවත් කරන ලෙස දෙවන ජාතික සන්ධාන මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා ජනාධිපතිවරයා වෙතින් ඉල්ලා සිටි බව වාර්තා වේ.

මෙම ස්ථානයට ගිය දේශපාලනඥයින් හා චිත්‍ර ඇදීමේ නිරත පිරිස අතර දැඩි වචන හුවමාරුවක් ද සිදු වී ඇති අතර යාපනය බන්ධනාගාර නිලධාරීන්ට දේශපාලනඥයින් පවසා ඇත්තේ මේ ක්‍රියාවට ඉඩ ලබා දිය නොහැකි බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.