යාපනේ සිසු මරණ වසං කිරීමට ගත් උත්සාහය හෙළිදරව් වේ

University Students Jaffnaපසුගිය ඔක්තෝබර් මාසයේ යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනෙකු මියයාමට හේතුව රිය අනතුරක් බව පොලිස් වාර්තාවේ සඳහන් කිරීමට හේතු දක්වන මෙන් යාපනය දිසා අධිකරණය පොලිසියට නියෝග කළේය.

දිසා විනිසුරු එස් සදීස්වරන් යාපනය පොලිස් අධිකාරීවරයාට සහ සහකාර පොලිස් අධිකාරීවරයාට එම නියෝගය කළේ, ශිෂ්‍යයන්ගේ මරණවලට හේතුව වෙඩි වැදීම බව අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිය වාර්තාව මගින් සනාථ කිරීමෙන් අනතුරුවයි.

එහෙත් මරණ සම්බන්ධයෙන් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වූයේ ඔවුන් රිය අනතුරකින් මියගිය බවය. අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ සහ පොලිසියේ වාර්තා පරස්පරවීම පිළිබඳව දිසා විනිසුරුවරයා අධිකරණයට පැමිණ සිටි රහස් පොලිස් නිලධාරීන් දැඩි දෝෂදර්ශනයට ලක් කළේය.

අධිකරණය එම නියෝගය කළේ පසුගිය ඔක්තෝබර් 21 වැනි දින යාපනයේ චුන්නාකම් පොලිස් මාර්ග බාධකයක් අසලදී යාපනය විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් දෙදෙනකු වෙඩි වැදී මියයාම පිළිබඳ ගේ නඩුව විභාගයට ගත් අවස්ථාවේදීය.

එදින චුන්නාකම් පොලිස් මාර්ග බාධකයේ සේවය කළ යාපනය පොලීසියේ පොලිස් නිලධාරීන් පස්දෙනෙක් සැකපිට අත්අඩංගුවේ පසුවෙති.
සැකකරුවන් ලබන ජනවාරි මස 27 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් නියෝග කළ දිසාවිනිසුරුවරයා එදිනට ලිඛිත වාර්තාවක්ද සමග අධිකරණයට නොපැමිණෙන්නේ නම් පොලිස් අධිකාරීවරයා ඇතුළු පිරිසට දඬුවම් පමුණුවන බවත් සඳහන් කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.