යෝජනාවෙන් ඉවත් වී කරන දේ දිනේෂ් පහදයි

ශ්‍රී ලංකාව සම අනුග්‍රාහකත්වය දැරූ යෝජනාවලින් ඉවත්වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අද එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට නිල වශයෙන් දැනුම් දුන්නේය

30 – 1 සහ 40 – 1 යෝජනාවලට සම අනුග්‍රාහකත්වය දැක්වීම ව්‍යවස්ථාවට පටහැනි ක්‍රියාවක් බවයි එහිදී අමාත්‍යවරයා අවධාරණය කළේ. එම යෝජනාවලට සම අනුග්‍රහය දැක්වීම තුළින් පසුගිය රජය ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම උල්ලංඝණය කර ඇති බවද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පැවසීය

එමෙන්ම එම යෝජනා සඳහා සම අනුග්‍රාහකත්වය දැක්වීමට පාර්ලිමේන්තුවේ හෝ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන නොමැති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදුන් අතර එහිදී 30 – 1 සහ 40 – 1 යෝජනාවලින් ඉවත්වන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මානව හිමිකම් කවුන්සිලයේ 43වන සැසිවාරය අමතමින් පැවසීය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.