රංජන්ට අධිකරණයේ දීම තර්ජන

Ranjan Ramanayake

මේ දිනවල ඇප පිට නිදහස් වී සිටින රංජන් රාමනායක පවසන්නේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පීරිස් තමන්ට අධිකරණයේදී තර්ජණය කළ බවයි.

රාවය පුවත්පතට සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙන රන්ජන් රාමනායක පවසන්නේ . මගේ හඬ පට අට දහස් ගානක් තියෙනවා මේවට නඩු අට දාහක් දාලා මාව අවුරුදු අටදාහක්අ හිරේ යවනවා කියලා’ තමන්ට දිලීප පිරිස් පැවසූ බවයි ඔහු කියා සිටින්නේ.

නීතිය හදන්නත් නීතිය කඩන්නන් දන්න බව කියන සොලිසිටර් ජෙනරාල් වරියකවන දිල්රුක්ෂි වික්‍රමසිංහ ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගන්නේ මන්දැයි රන්ජන් රාමනායක ප්‍රශ්න කරයි.

කුණුහරුප කතා

කතානායකවරයා රන්ජන් රාමනායකගේ හඬ පට වල කුණුහරුප තිබෙන බව කළ ප්‍රකාශය ගැන ද ඔහු විරෝධය පළ කරයි. මහින්ද රාජපක්ෂ මෛත්‍රීපාල සිරිසේන මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ බිරිඳ SB දිසානායක ෂා දයාසිරි ජයසේකර සමග කතා කළ හඬ පට පාර්ලිමේන්තුවට භාර දුන් අතර

මේ සඳහා කුණුහරුප යන වචනය වෙනුවට අසභ්‍ය වැනි වචනයක් යොදන බව කතානායකවරයා පැවසූ නමුත් එසේ සිදු වී නැති බවයි රන්ජන් රාමනායක පවසන්නේ.

වජිර අබේවර්ධන හිටපු අමාත්‍යවරයා හොරු ඇල්ලීමේ ව්‍යාපෘතියට බාධා කළ බවයි රංජන් රාමනායක කියා සිටින්නේ හඬ පට සඳහා තොරතුරු පටිගත කිරීමේ මුල් උපදෙස් ලබා දුන්නේ අගමැති මහින්ද රාජපක්ෂ බව ඔහු කියයි.

ලෙබනනයේ කාන්තා රැඳවුම් මධ්‍යස්ථානයක් ඇතුලට ගිය අවස්ථාවේදී මහින්ද රාජපක්ෂ පටිගත කිරීම් කරන්න උපදෙස් දුන් බව බව කියන රන්ජන් ඊට අදාළ හඬ පටය තාමත් තමන් සතුව ඇති බව පවසයි.

මෙය බලු වැඩක් බව ඔහුගේ මිතුරන් කියා සිටියත් දැන් මේ පටිගත කිරීම ඇති නිසා තමන්ට ගැලවිල්ලක් ඇති බවයි රන්ජන් ගේ අදහස වන්නේ. විනිශ්චකාරවරුන් ට දුන් ඇමතුම් මරණීය තර්ජන ලෙස අර්ථ ගන්වන්නට ඉඩ තිබුණු බව ඔහු පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.