
පාර්ලිමේන්තු මන්ත්රී රන්ජන් රාමනායක සමග දුරකථන සංවාදවල නිරත වූ බව කියන බද්දේගම මහේස්ත්රාත් ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කළ බව අධිකරණ සේවා කොමිසම පවසයි. මීළඟට මතුව ඇත්තේ ගිහාන් පිලපිටිය සුර්යා පිළිබඳ ගැටලුවයි.
එම කොමිසම සඳහන් කළේ, අදාළ චෝදනාවට ලක් වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත නිර්දේශ ඉදිරිපත් කර ඇති බවයි.
ධම්මික හේමපාල මහතාගේ වැඩ තහනම් කිරීමෙන් පුරප්පාඩු වු බද්දේගම මහේස්ත්රාත් ධුරයේ වැඩ බැලීම සඳහා හලාවත අතිරේක මහේස්ත්රාත් රඛිත අබේසිංහ මහතා පත් කර තිබේ.
මේ අතර රන්ජන් රාමනායක මහතා සමග දුරකථනයෙන් සාකච්ඡා කර ඇති බවට අනාවරණය වී ඇති විනිසුරුවරුන්ගෙන් වහාම ප්රකාශ සටහන් කර ගන්නා ලෙස නීතිපති දප්පුල ද ලිවේරා මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්යක්ෂවරයාට නියෝග කළේ ය.
ඒ අනුව අදාළ දුරකථන සංවාද සිදුකළ බව කියන විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් ප්රකාශ සටහන් කර ගැනීමට නියමිතයි.