රංජන්ට එරෙහි විනිසුරු පැමිණිල්ල විමර්ශනයට

court of law

තමන්ගේ අධිකරණමය කටයුතු වලට රංජන් රාමනායක මහතා ඉතා දැඩි ලෙස බලපෑම් කළ බවට කොළඹ හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය 2015 වසරේ අධිකරණ සේවා කොමිසමට පැමිණිලි කර ඇතත් ඒ පිළිබදව නිසි විමර්ශනයක් සිදුකර නැති බව දැන් හෙළිදරව් වී තිබේ.

මෙතෙක් රාමනායක වෙනුවෙන් පෙනී සිටි බොහෝ දෙනා පැවසුවේ ඔහු පද්මිණී රණවක විනිසුරුවරියට කතා කොට ඇතත් ඔහු නඩුවට බලපෑමක් නොකළ බවයි. ගිහාන් පිලපිටිය විනිසුරුවරයා ගේ පැමිණිල්ල පිළිබඳ සිද්ධිය මතු වීමත් සමඟ මේ තත්ත්වය වෙනස් වෙයි.

ගිහාන් පිලපිටිය මහතාට බලපෑම් කිරීම සම්බන්ධයෙන් ඔහු 2015 වසරේදි අධිකරණ සේවා කොමිසමට ලිඛිතව සිදු කළ පැමිණිල්ලට අනුව කටයුතු නොකළේ ඇයිදැයි අධිකරණ සේවා කොමසම ද වගකිව යුතු වනු ඇත.

අනෙක් අතට ගිහාන් පිලපිටිය මහතා හා රංජන් රාමනායක මහතා අතර සිදු වූ සියලු සංවාද වල තොරතුරු මුදල් දරව් කර ගැනීමෙන් තොරව මේ පිළිබඳ අදහස් දැක්විය නොහැකි බවයි නීතිවේදීහු පවසන්නේ. අනෙක් අතට රන්ජන් රාමනායක හමුවේ කතාබස් කළ යුතු බව කියා සිටින්නේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා බව ඇඟවෙන පුද්ගලයා ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.