
මාධ්‍යවේදී සුනන්ද දේශප්‍රිය කියා සිටින්නේ මේ හෙළිදරව් කරාට සමස්ත සමාජයේම රන්ජන් රාමනායකට ස්තූතිවන්ත විය යුතු අතර ඇතැම් විට ප්රභාකරන් කීවා සේ මේ සියල්ල සති දෙක තුනකින් අමතක වී යන්නට ඉඩ ඇත. සුනන්ද කියන ප්‍රධාන කරුණු කීපයක් මෙසේය.
මේ හඬ පට වලින් ප්‍රකට වන්නේ මෙරට දේශපාලන පංතිය සතු අසීමිත බලය යි. මේ පටි හරහා මතුවන නාටකය අලුතෙන් ආපු නොව පැරණි නාටකය නව ආකාරයකින් යළි ඉස්මතු වීමයි. අලුත් ආණ්ඩුව රංජන් කරන බලපෑම විවේචනය කලත්ක ඔවුන්ල කළේත් මේ ටිකමය. රන්ජන් එලවන්න හදන එක්සත් ජාතික පක්ෂය අයවලුන්ද ඊට නොදෙවෙනිය. මේ සංස්කරණය කරන ලද නාට්‍යයකි. තාජුඩින්ගේ මරණය ට සම්බන්ධ හඬ පට තිබිය හැකිය.
සංවේදී යුක්තියක් අපේක්ෂා කළ නොහැකි බැවින් නීතිය බූරුවෙකි යැයි කියනු ලැබේ. නීතිය විටෙක බූරුවෙකුටත් අන්ත ය. ‘රංජන්පටි’ පෙන්වන එක් ඇත්තක් නම් එය යි. රටක නීතියේ පාලනය පවත්වා ගත හැක්කේ තනි මිනිසකු වෙත බලය පැවරීමෙන් නොව ශක්තිමත් තුලන සංවරණ පිහිටුවීමෙනි.
මෙම හඬපට රහසේ සඟවා තබා ගැනීමට අවශ්‍යතාවයක් තිබී නැත. නැත්නම් ඒ ගැන කිසිම අවබෝධයක් තිබි නැත. ඔහු මේ සියල්ල සළකා ඇත්තේ සෙල්ලමක් ලෙස ය. දුර කතන සංවාද අනෙක් පාර්ශවයට නොදන්වා පටිගත කිරීමත් ඒවා නම්කර සීඩී තැටිවල ගබඩා කිරීමත් එකම අවිචාරමත් කාසියක දෙපැත්තකි.