රංජන් පටලැවිල්ල හමාර නෑ

Ranjan Ramanayake

අස්ගිරි මහ නාහිමියන් බැහැදුටු රන්ජන් රාමනායක උන්වහන්සේට වැඳ නමස්කාර කොට තම ප්‍රකාශයන් නිසා භික්ෂූන්වහන්සේලාට සිත් වේදනාවක් වී නම් සමාව ඉල්ලා සිටියත් පටලැවිල්ල තාමත් හමාර නැත.

මිරිහාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව රන්ජන් රාමනායක කියාසිටින්නේ සමන් වශයෙන් සමග කළ වීඩියෝව ඉරාජ් ශ්‍ වීරරත්න වැරදි ලෙස සංස්කරණය කළ බවයි.

මා කියවුයේ ලේ ඉල්ලන චීවරධාරීන් කියන කොටස කපා දාල ඒ වෙනුවට ගරුතර මහා සංඝරත්නය ළමා අපචාර කරයි කියලා සංස්කරණය කරලා මුදාහැරියා යැයි රන්ජන් රාමනායක කියාසිටී.

තමන් මේ පිළිබඳව මිරිහාන පොලිසියට පැමිණි භික්ෂුන් වහන්සේලාට පැහැදිලි කළ බවත් ඒ ගැන දැනගත් පසු උන් වහන්සේලා පවා බව රන්ජන් රාමනායක කියාසිටී.

වීරරත්නට එරෙහිව කළ පැමිණිල්ල පිළිබඳව පොලීසිය වැඩි දුර පරීක්ෂණ පවත්වමින් සිටියි.

මේ අතරවාරයේ මහජන සේවකයින්ට භාර්යාවන් මිස ආර්යාවන් නොමැති බව ප්‍රකාශ කිරීම නිසා යළිත් රන්ජන් පිළිබඳව පක්ෂය තුල කතාබහක් ඇතිවී තිබේ

මේ වන විට රන්ජන් රාමනායකට එරෙහිව නඩු තිහක් පමණ විභාග වෙමින් තිබෙන අතර ඔහු කිසිම නඩුවකට සමාව ඉල්ලන්නේ වත් තැවෙන්නේ වත් නැති බව කියා සිටී.

සොක්‍රටීස් වහ බීමටත් ගැලීලියෝට කොපනිකස් සිරගත වීමටත් මාර්ටින් ලූතර් කින් හා නෙල්සන් මැන්ඩෙලාට සිරගත වීමටත් සිදු වූ බව රන්ජන් රාමනායක මතක් කොට දෙයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.