රංජන් විනිසුරන්ට බලපෑම සිදු කළාද ?

හිරු නාලිකාව එලි දක්වා ඇති හඬ පටියකට අනුව රංජන් රාමනායක සහ හිටපු රහස් පොලිස් අධිකාරී ශානි අබේසේකර අතරේ ඇතිවන බව අනුමාන කෙරෙන මෙම සංවාදයේ නිමිත්ත වන්නේ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මිනීමැරුමයි . මුළු රටම මෙම නඩුව දෙස බලා සී ටින බව විනිසුරුවරියට රංජන් බව ඇඟවෙන පුද්ගලයා පවසයි.

විවාහ මංගල්‍ය උත්සවයකදී ඔහු මේ විනිසුරුවරිය ළඟ වා ඩිවී ඇත . මෙතැනින් යන්න අනෙක් අය හිතාවි මම නිළියක් කියලා යැයි ඇය පවසා ඇත .
පසුව තව දුරටත් විහිළු කොට ඇගෙන් දුරකථන අංකය ලබා ගෙන ඇත්තේ සෙසු අයට හොරෙන්ය . මිනීමරුම් නඩුවක් පිළිබඳව විනිසුරු වරියකට කථා කිරීම හිරේ යන වැඩක් බව රංජන් යැයි හැඟවෙන පුද්ගලයා පවසයි . අවුරුදු පහකට හිරේ යා හැකි බවයි පොලිස් නිලධාරියා යැයි හැඟවෙන පුද්ගලයා පවසන්නේ.

“මට පිස්සු නිසා මේවා කරනවා ” යැයි රංජන් යැයි අනුමාන කළ හැකි පුද්ගලයා පවසයි . මේ හඬ පටය අනුව විනිසුරුවරිය බලපෑමකට යට වී නැත .ඇය කිසිත් නොකියා සංවාදය හමාර කොට ඇත.

හඬ පටයට සවන් දෙන්න.

මේ ආකාරයේ හඬ පට රැසක්ම මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර ඇත. විනිසුරුවරියක් හිටපු රාජ්‍ය ඇමතිවරයාට කතා කරන බව දැක්වෙන හඬ පටයක් ද ඒ අතර වේ. එසේම රූපවාහිනි වැඩසටහන් සඳහා යෑමට පෙර පොලිස් නිලධාරීන්ට කතා කරන හඬ පට ද වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.