රංජිත් ඔබට සුබ ගමන්

ranjithජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාදරයෙකු ලෙස සක්‍රීයව දේශපාලන කටයුතු කරමින් සිටියදී 2007 වසරේ තිබූ පක්ෂ සමුළුවක පෙරසූදානම් කටයුතුවල නිරතව සිටින අතරතුර සිදු වූ හදිසි අනතුරකින් ඔත්පලව සිටි රංජිත් කුලරත්න මහතා ජීවිතක්ෂයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

ඒ මහතා ශරීරයෙන් ඔත්පල වුවත් ඉතාමත් ආදර්ශසම්පන්න ලෙස පක්ෂ සාමාජිකයන්ට ධෛර්ය සපයමින් කටයුතු කළ අයෙකු ලෙස පක්ෂ නායකත්වෙයේ සිට සියළුම සාමාජිකයන්ගේ ගෞරවාධරයට පත්වූ අයෙකි.

පක්ෂයේ විශේෂ සමුළු, විරු සැමරුම් ආදී අවස්ථාවන් සඳහා රෝදපුටුවක ආධාරයෙන් ඉදිරියෙන්ම සිටින ඔහුගේ දසුන පක්ෂ සාමාජිකයාගේ ධෛර්ය වඩවන මෙන්ම මියෙන තුරුම පක්ෂයේ පරමාර්තයන් පෙරදැරිව ගමන් කිරීමේ ගුණය කියාදුන දසුනක් විය.

එමෙන්ම රංජිත් කුලරත්න මහතා ඔත්පල වූ පසු ෆේස්බුක් සමාජජාල භාවිතා කරමින් සිය දේශපාලන කටයුතු අඛණ්ඩවම කරගෙන ගිය අයෙකු ලෙස මුහුණුපොතේද ජනප්‍රිය චරිතයක්ව සිටියේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.