රඟ සොබා පා රන්ජන් අත්අඩංගුවට පත්වෙයි

Ranjan Ramanayake

හිටපු නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා – සෙනසුරාදා පොලිස් අත්අඩංගුවට පත්වුණේ තමන්ගේ රඟපෑම හැකියාවෙන් උපරිම ප්‍රයෝජනය ගැනීමෙන් අනතුරුවයි. පොලිසිය නිලධාරීන් පැමිණි මොහොතේ සිටම ඔහුගේ සෝදිසි කිරීම මුහුණු පොතේ සජීව විකාශනය කරන ලදී.

තමන් තාමත් දිවා ආහාර ගෙන නැති බව පොලිසියට ඔහු පැවසූ විට පොලිස් නිලධාරියෙක් පැවසුවේ තමන්ද දිවා ආහාරය අරගෙන නැති බවයි. බොරු කියන්න එපා කාපු මූනක් තියෙන්නෙ ‘ යැයි රන්ජන් පැවසීය.

පමණි පොලිස් නිලධාරීන්ට එළවළු රොටී ගෙන්වා දීමටත් ඔහු අමතක කළේ නෑ.  ආශු මාරසිංහ සහ තෙවරප්පෙරුම මන්ත්‍රීවරු ඔහු හා රැඳී සිටියහ. නිවස තුළදීය මාංචු දැමීමට සැරසුණු විට කවුද එළියට පැමිණ මාධ්‍ය ඉදිරිපිට මාංශ දැමීම සඳහා අත් දෙක දිගු කළේය.

තමන්ට කොලොස්ට්‍රෝල් සීනි හෝ බයිපාස් සැත්කම් නැති හෙයින් රෝහල්ගතව වෙන්නේ නැතිව කෙලින්ම රිමාන්ඩ් වන බවයි ඔහු පැවසුවේ. බයිපාස් සැත්කමක් සිදු කොට නැති බව සහතික කිරීම සඳහා තමන්ගෙ ටී ෂර්ට් එක ගලවා පෙන්වීමට අමතක කළේ ද නැත.අත්අඩංගුවට ගැනීමට පැමිණි නිලධාරීන් අතුරෙන් එක් පොලිස් නිලධාරියෙක් වැළඳ ගැනීමට තරම් රන්ජන් රාමනායක සන්සුන් විය.

පිස්තෝලයක්

මාදිවෙල පිහිටි මන්ත්‍රී නිල නිවස පොලීසිය විසින් අද සෝදිසි කරන අතරතුර එහි තිබූ බලපත්‍ර නැති පිස්තෝලයක් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කියයි.

නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඊයේ (04) දහවල් ලබාගත් සෝදිසි වරෙන්තුවකට අනුව මන්ත්‍රීවරය‍ාගේ නිවස පරීක්ෂා කළ බව පොලිසිය කියයි.

රජය අපහසුතාවයට පත්වන අන්දමේ ප්‍රකාශ, දුරකතන සංවාද හා ඡායාරූප ඇතුළත් දෘඩ තැටියක් (Hard Disk) හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සෝදිසි කිරීම් කරන ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.