රට ගමන් තහනම් දිගු කෙරේ – ඉවත් කෙරේ

travel

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම් කිරිමේ නියෝගය ඉවත් කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26) නියෝග කළේය.

නිදහස් පෙරමුණේ සාමාජිකයන් සඳහා ජනාධිපති කාර්යාලය කුලී පදනම මත වාහන ලබාදීමේ සිද්ධියට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ දී එම නියෝග නිකුත් කරනු ලැබීය.

මෙම සිද්ධියේ සැකකරුවන් වූ මොහොමඩ් මුසම්මිල්, සරත් වීරවංස, ජයන්ත සමරවීර, හේමන්ත පෙරේරා සහ සේනාරත්න ද සිල්වා අද අධිකරණය හමුවේ පෙනී සිටියහ.

තහනම දිගු කෙරේ

ශ්‍රී ලංකා රේගුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී.විජේවීර මහතා සහ එහි හිටපු සහකාර අතිරේක රේගු අධ්‍යක්ෂක තාරක සෙනවිරත්න යන මහත්වරුන් වෙත අධිකරණයෙන් පනවා තිබූ විදෙස් ගමන් තහනම ලබන මාර්තු 31 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි අවලංගු කිරිමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (26) නියෝග කළේය.

රේගුව සතු රත්තරන් කිලෝ 8 ක් සදහිරු සෑයේ තැන්පත් කිරිමට පුජා කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුව ඊයේ (26) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී මෙම නියෝගය නිකුත් විණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.