රට පුරා ගුරුවරු 26දා ලෙඩ වීම ස්තීරයි

ගුරුවරුන්ගේ සහ විදුහල්පති වරුන්ගේ වැටුප් විෂමතා ඉවත්කිරීම ඇතුළු ඉල්ලීම් 6 ක් මුල්කර ගනිමින් ලබන 26 වැනිදා දිවයින පුරා ගුරුවරු හා විදුහල්පතිවරු අසනීප නිවාඩු වාර්තා කිරීමට තීරණය කළ බව ලංකා ගුරු සේවා සංගමයේ ලේකම් මහින්ද ජයසිංහ මහතා පවසයි.

එපමනක් නොව එදින පෙරවරු 9.30 ට බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශය ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වීමට නියමිත බවද ඔහු පැවසීය.

මෙම වෘත්තීය ක්‍රියා මාර්ගයට එළබ ඇත්තේ දෙමාපියන්ගෙන් මුදල් එකතු කිරීම නතර කර අධ්‍යාපනය වෙනුවෙන් සියයට 6 ක් එකතුකිරීම, පිරිවෙන් ගුරුවරුන්ට රාජ්‍ය සේවකයන්ට ලබාදෙන වැටුප ලබාදීම, දේශපාලන පළිගැනීම්වලට මුවා වී විවිධ තනතුරු, වරදාන ලබා දීම නතර කිරීම ඇතුළු ඉල්ලීම් මුල්කර ගෙනයි.
මේ උද්ඝෝෂණය සදහා ලංකා ගුරු සේවා සංගමය, ගුරු – විදුහල්පති සංගමය ඇතුළු තවත් වෘත්තීය සමිති 28 ක් එකතු වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.