රතනහිමි වෛද්‍ය ෂාෆි පිළිබඳව වාර්තා ඉල්ලයි

ratana-thero

මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතනහිමියන් විසින් ඊයේ (28) දින වැඩබලන පොලිස්පතිවරයා වෙත සිදුකළ ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍ය මොහොමඩ් ෂාෆි ෂිහාබ්දීන් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන විමර්ශනවල වාර්තාවක් කැඳවා ඇත.

රතන හිමි විසින් කර ඇති පැමිණිල්ලෙහි සඳහන්ව ඇත්තේ මොහොමඩ් ෂාෆි වෛද්‍යවරයා පිළිබඳ විමර්ශන නිසිආකාරව සිදු නොවන බවයි.

එම වෛද්‍යවරයාට අදාළ චෝදනා පිළිබඳව පරීක්ෂණ කරන අපරාධ පරීක්ෂණ දෙපාැර්තමේන්තුව පිටු 216 ක බී වාර්තාවක් ගොනු කරමින් අධීකරණයට දන්වා ඇත්තේ වෛද්‍යවරයාට විරුද්ධව තිබෙන එකුදු පැමිණිල්ලක් හෝ සනාථ කිරීමට තොරතුරු නැති බවය.

ඔහු කිසිදු ත්‍රස්ත ක්‍රියාවකට හෝ ත්‍රස්ත කණ්ඩායමකට හෝ සම්බන්ධ නැතැයි මෙතෙක් කරනු ලැබූ වර්මර්ෂණවලින් ඔප්පු වී ඇතැයි එම දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දක්වා ඇත.

කරුණෑගල පොලිසිය පැමිණිලි භාරගෙන ඇත්තේ වෛද්‍ය සාෆි ෂියාබ්දීන් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුවට භාරදීමෙන් පසුව බව හෙළිවී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.