
ඇමැතිවරුන්ට සහ රාජ්‍ය ආයතනවලට වසර තුනක් ඉක්ම යනතුරු වාහන මිලදී ගැනීමට නොහැකි බවද ජනාධිපතිවරයා දැනුම් දී තිබේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙනුවෙන් තීරුබදු රහිත වාහන බලපත්‍ර 228ක් නිකුත් කර තිබෙන බව හිටපු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය.
දැනට අමාත්‍යංශ හා රාජ්‍ය ආයතන සතු වාහන සංචිත පිළිබඳව ගණනය කිරීම සිදුකර වඩාත් ප‍්‍රරතිඵලාදායක ලෙස ඒවා කළමනාකරණය කර ගැනීමේ ක්‍රමවේදයක් මේ වනවිටත් ආරම්භ වී තිබෙන අතර වාහන දෙක තුන වෙන්කරගත් ඇමතිවරුන් සහ රාජ්‍ය ඇමතිවරුන් යළිත් සංචිතවලට අතිරේක වාහන එවීම ආරම්භ කොට ඇති බව වාර්තා වේ.
පාකිස්තානය අගමැති ධුරයට පත්වූ විට ඔහු කළ පළවෙනි කාර්යය වූයේ රජයේ රජයේ වාහන පිළිබඳ විගණනයක් පවත්වා අතිරික්ත වාහන වෙන්දේසි කොට එයින් රුපියල් බිලියන 290 උපයා ගැනීමයි. මෙම මුදල කෘෂිකාර්මික ආපදා සඳහා වන්දි ගෙවීමට යොදාගැනීමයි.