රථ වාහන තදබදය වාර්ෂිකව රුපියල් බිලයන 60ක් රටට අහිමි

trafficමෙරට දිනෙන් දින වැඩිවන රථ වාහන තදබදය හේතුවෙන් වාර්ෂිකව රුපියල් බිලයන 60කට අධික මුදලක් රටට අහිමි වන බව මොරටුව විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යය අමල් කුමාරගේ මහතා පෙන්වා දෙන්නේය.
ඔහු සඳහන් කළේ, පසුගිය වසර දහයට සාපේක්ෂව එම අහිමි විම සියයට සියයකින් වර්ධනය වීමක් පෙන්නුම් කරන බව ය. පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් කිරිම තුළින් රථ වාහන තදබදය අවම කර ගැනීමට හැකිවනු ඇතැයි ඔහු අවධාරණය කළේය.

මේ වනවිට රථ වාහන තදබදයෙන් සියයට පනහක් යතුරුපැදි හේතුවෙන්, සිදුවන බව ද මහාචාර්ය අමල් කුමාරගේ මහතා සඳහන් කළේය. ත්‍රිරෝද රථ සියයට පහළවකට ආසන්න ප්‍රමාණයක් මෙරට රථ වාහන තදබදයට අභියෝගයකි. වාර්ෂිකව ලංකා ගමනාගමන මණ්ඩලයට නව බස් රථ 450ක් පමණ අවශ්‍ය වුවත්, ඒ සඳහා වෙන්වන ප්‍රතිපාදන ප්‍රමාණවත් නොවීමෙන් ගැටලු රැසක් පැනනැගී ඇත. වසර දෙකකින් පමණ නව බස් රථ ධාවනයට එක්කර නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.

මේ අතර ලේකම්වරයා පැවසුවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ පවතින එන්ජින් වසර 40 පමණ පැරණි ඒවා බව ය. කෙසේ වෙතත්, මේ වසර අවසාන වීමට පෙර චීනයෙන් දුම්රිය එන්ජින් 10ක් සහ අමෙරිකා එක්සත් ජනපදයෙන් දුම්රිය එන්ජින් 12 ක් මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව ද ලේකම්වරයා සඳහන් කළේය.

මේ අතර, පවතින රථවාහන තදබදය පාලනය කිරිම සදහා පසුගිය වර්ෂ 10ට සාපේක්ෂව නිලධාරීන් දෙගුණයක් රාජකාරි සඳහා අනියුක්ත කර ඇති බව පොලීසිය පවසයි._(sirasa)

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.