
ස්වාධීන රූපවාහිනී සේවයේ නියෝජ්‍ය සාමාන්‍යධිකාරී ලෙස වැඩ බාර ගත් සුධර්මන් රදලියගොඩ මහතා එම තනතුරෙන් ඉවත් කර තිබෙනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම ඉවත් කිරීම කර තිබෙන බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කළා. ඔහු සම්බන්ධයෙන් දුෂණ චෝදනා රැසක් එල්ල වී තිබෙනවා.
තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා විසින් යොමුකරන ලද දැනුම්දීමක් මත ඉන් ඉවත් කිරීම සිදු කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපති ලේකම් කාර්යාලය උපදෙස් පරිදි මෙම ඉවත් කිරීම කරන ලෙස ඇති බව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ස්වාධීන රූපවාහිනියේ සභාපතිවරයා වෙත දැනුම් දී තිබෙනවා
සභාපති සුදත් රෝහණ ක්ෂණිකව සුධර්මන් රදලියගොඩ තනතුරින් ඉවත්කර ජනාධිපති කාර්යාලයට හා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අමාත්‍යාංශය වෙත එ බව ලිඛිතව දැනුම් දීමට කටයුතු කර තිබේ. සුදර්මන් රදලියගොඩ මහතා අදාළ ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් සමාජ ජාලාවක් විවේචන එල්ල විය.
ජනපතිවරණ සමයේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාට අපහාසයක් වන පරිදි බාලවයස්කාර දරුවකු යොදා ගනිමින් රූපවාහිනී දැන්වීමක් ප්‍රචාරය කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රදලියගොඩ මහතාට අධිකරණය හමුවේ චෝදනා කර තිබේ.