රන්ජන්ගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවයි – පක්ෂය කැළඹෙයි

Ranjan Ramanayake

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වය අත්හිටුවා තිබේ. පක්ෂ මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව සඳහන් කළේය.

පසුගිය රජය තුල රාජ්‍ය ඇමතිවරයෙකුව සිටිමින් සිදුකරන ලද දුරකතන සංවාද හඬපට ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීම නිසා මෙම පියවරගෙන ඇත. රන්ජන රාමනායක මීට පෙර කියා සිටියේ තම නාමයෝජනා නොලැබුණහොත් තමන් ස්වාධීනව ඉදිරිපත් වන බවය.

රවී කරුණානායක – වැඩේ කැතයි
රවී කරුණානායක හිටපු ඇමතිවරයා පැවසූයේ රන්ජන් සිදුකොට ඇති වැඩේ කැත බවයි. දැනට එළිදරව් ඇති හඬපට අනුව ආණ්ඩුව එක්සත් ජාතික අය බොහෝ දෙනෙක්ගේ කිල්ලෝටවල හුණු ඇති බව පෙනෙන්නට තිබේ.

මේ නිසා රන්ජන් රාමනායකට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ග සීමා විය හැකි බවයි විචාරකයෝ පෙන්වා දෙන්නේ.

සජිත් ප්‍රේමදාස අභියෝගය
මෙම ක්‍රියාමාර්ගය හේතුවෙන් වඩාත්ම අසීරුවට ලක්වී ඇත්තේ සජිත් ප්‍රේමදාස ය. එක් අතකින් පසුගිය ජනාධිපතිවරණ සමයේ සජිත්ගේ ප්‍රධාන ප්‍රචාරකයා වූයේ රන්ජන් රාමනායකයි. අනෙක් අතට ඔහුගේ හඬ පට වලට අනුව සජිත් ප්‍රේමදාස හිස්. මිනිසෙකි. මේ අනුව රන්ජන් වෙනුවෙන් ඉතිං සිටිනවාද නැද්ද යන්නත් ප්‍රශ්නය මතුවන්නේ ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී යන්න සිහිපත් කරමිනි.

හොරාට පෙර කෙසෙල් කැන
රංජන් රාමනායකට එරෙහිව කිසිදු නීතිමය පියවරක් නොගෙන ඇති අවස්ථාවක ඔහුට එරෙහිව පියවර ගැනීම පිළිබඳව තවත් එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් විරෝධය පලකොට ඇත. මංගල සමරවීර හිටපු ඇමතිවරයා ගේ සහයෝගය ලැබෙන්නේ රන්ජන් රාමනායකටය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.