රන්ජන් ඇතුළු පිරිස සිනාසේ – බල්ටි සහ විසිල්

Ranjan Ramanayake

විටින් විට ආන්දෝලනයට තුඩු දෙන ප්‍රකාශය සිදුකොට ඒ ඔස්සේ මතුවන සමාජ සංවාදය හරහා අනෙකුත් ප්‍රශ්න අමතක කර උත්සාහයක නිරතව සිටිනවා රන්ජන් රාමනායක ඇමතිවරයා මට සතුටු සතුටුවිය හැකි ආකාරයෙන් සිව් දිගින් ප්‍රකාශ නිකුත් වෙමින් තිබෙන බව සන්නිවේදන විද්‍යාර්ථීන් පෙන්වා දෙති.

පෙර රංජන් රාමනායක අමාත්‍යවරයා කියා සිටියේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරුන් ගණනාවක් ම මත්ද්‍රව්‍ය කතා කරන බවයි.

රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා කියා සිටින්නේ රන්ජන් රාමනායක මේ පිළිබඳව තමන්ට කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බව එසේ කරන අතරවාරයේ මහා සංඝරත්නයට මොකෝ බොහෝ සේ ගරු කරන බව අගමැතිවරයා කියා සිටි.

රන්ජන් රාමනායක රාජ්‍ය ඇමතිවරයා මහා සංඝරත්නයෙන් සමාව ගෙන තමන් යළිත් මෙවැන්නක් නොකරන බව ප්‍රකාශ කළ යුතු බව චම්පික රණවක ඇමතිවරයා කියා සිටී.

රාජසිංහ රජු සමයේ සිටි ඉංග්‍රීසි ජාතික සෙබලෙක් ගේ කට කැඩිච්ච කතා ගැන කියන ගලබඩඅත්තේ ඥානසාර හිමියන් කියා සිටින්නේ තමන් රන්ජන් රාමනායකගේ කන පලන්නට සූදානම් බවත් එසේ කිරීමට පෙර ඔහු බැඳ තබන ලෙසත් ය.

අම්පිටියේ සුමනරත්න හිමියන් කියා සිටින්නේ රන්ජන් රාමනායකගේ කට තලන බවය.

සමාජ මාධ්‍ය ඔස්සේ මතුවන එක් මතයක් නම් රන්ජන් රාමනායක භික්ෂූන් වහන්සේලා ගැන කතා නොකළ බවය.

ශ්‍රී ලංකාව නම් පිට්ටනියෙ පිනුම් ගැසිය හැකි බවත් කරදරයක් නැතිව ඊට හිමි විසිල් පාර ලබාගත හැකි බවත් රන්ජන් රාමනායක මැනවින් වටහා ගෙන ඇතැයි සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තැබුව අයෙක් කියා සිටි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.