
හඬ පට දෝරෙ ගලා යද්දී රන්ජන් හා කතාබහ කළ තවත් බොහෝ දෙනෙක් විමසිල්ලෙන් සිටින්නේතමන්ගේ හඬ පටය එලියට පනි ද යන්නයි. ඇතැමුන් කියන්නේ රංජන්ගේ මෙහෙය සදානුස්මරණීය බවයි. ඔහු අමාරුවේ වැටී තවත් කීප දෙනෙක්ම අමාරුවේ දමා මේ සමාජය කොයිතරම් කුණු වී ඇත්දැයි මනාව පැහැදිලි වන බවයි.
තම නිවසින් අත්අඩංගුවට ගත් තැටිවල තිබූ හඬපට මාධ්‍ය මගින් ප්‍රචාරය වීමෙන් තමන් අගතියට පත්ව ඇතැයි සඳහන් කරමින් හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ.පැල්පොල මහතා ඉදිරියේ ඊයේ (8) මෝසමක් ගොනු කර ඇත.
එහිදී මෙම සිද්ධියට අදාළව කරුණු ඉදිරිපත් කිරිම සඳහා ලබන 17 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස ද මහේස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නොතීසි නිකුත් කර තිබේ.
විනය ක්‍රියාමාර්ගයක්
මේ අතර වාරයේ රංජන්ගේ ක්‍රියාකලාපයෙන් පක්ෂයට සිදුව ඇති අපකීර්තිය පිළිබඳව ඇත්තට හෝ බොරුවට එක්සත් ජාතික පක්ෂය විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට සූදානම් වෙයි. ඒ බව කියන්නේ පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් ය.
සජිත්ගේ මුල් ඒ කිසි දෙයක් නැති බව රන්ජන් රිය හඬ පටයක කියැවේ එය අර්ථවත් නැත වුවත් ඒ හා සමගම රන්ජන් සජිත් සම්බන්ධය වෙනස් වීමට ඉඩ ඇත. එසේ නැතිනම් දේශපාලන දි ඔහොම තමයි කියා දෙදෙනාම තමන්ගේ ගමන දිගටම යාමට ඉඩ ඇත.
පියුමි හංසමාලි
වඩා බැරෑරුම් හඬපටයක් වන්නේ මැණික් ව්‍යාපාරිකයෙක් වන ප්‍රියාන් පිළිබඳව පියුමි හංසමාලි සහ රංජන් රාමනායක කරන බව කියන කතාබහයි. සෙසු ලට පට ටික අත්හැරියත් ළමා අපහා හරණයක් නීතියෙන් වසන් කිරීමට ඔවුන් දෙදෙනාම කටයුතු කළ බව පෙනෙන ආකාරය ජුගුප්සාජනකය.
රන්ජන් ගේ හ මේ නිළියන්ගේ ලිංගික ලෝකය ඔවුන්ගේ පෞද්ගලික ඉසව්වක් වුණත් හේතු වලින් හෙලිවන දේ අපූරුය. සෙක්සි ඇඟක් ඇති කෙල්ලෙක් රන්ජන් වෙත එවීමට පියුමි ඉතා උනන්දුය. මන්ද යත් මැණික් ව්‍යාපාරිකයාගෙන් ගත් ණය ආපසු නොගෙවා සිටිය හැක්කේ රන්ජන් රාමනායකගෙ බලපරාක්‍රමය මතය. හොරුන් මිනීමරුවන් අල්ලා ගැනීම සඳහා තමන් අනුගමනය කරන ක්‍රමවේද සදාචාරාත්මක නොවිය හැකි බව රන්ජන් රාමනායක පවසයි.