රන්ජන් රාමනායක හඬ පට – සමාජ මනෝවිද්‍යාත්මක විශ්ලේෂණයක්

Ranjan Ramanayake

රංජන් රාමනායක හඬපට සංසිද්ධිය හුදෙක් මංගල හැරෙන්නට ප්‍රතිඵලය ලෙස දැකිය නොහැකි වුව ද නිර්නාමිකව www.lankanewsline.com හා කතා කළ මනෝ විශ්ලේෂකයෙක් පැවසුවේ මේ තුළ රාමනායක පෞරුෂය කරන බලපෑම බැහැර කළ නොහැකි බවය. ඔහුට අනුව පළමුකොටම මේ රන්ජන් රාමනායකගෙ සිනමා දිවිය දිගු කිරීමකි. ඔහු චිත්‍රපටයේ වීරයාය. වීරත්වය ඔහුට සමාජයට ව්‍යාප්ත කිරීමට අවශ්‍ය විය. ඔහුට බිරිඳක් හෝ දරුවන් නොමැති හෙයින් මේ සඳහා ඕනෑම දෙයක් කළ හැකි ය.

හැඩිදැඩි දේහය

හැඩිදැඩි දේහය කාය ඔහුට සමාජය අවධානය ගෙනදෙයි. එපමණකින් සෑහීමට පත්විය නොහැක. එයින් සහ වෙනත් යමක් කළ යුතුය. මේ වෙනත් යමක් යහපත්ය යන්න තුළ ස්ථාන ගත කළ යුතුය. මල්ගස් වටේ නැටීම හැරෙන්නට ඔව් මේ සඳහා දන්නේ ඉතා සීමිත දේවල් කිහිපයකි. ඒ නිසා ඔහු අලුත් මාවත් ගවේෂණය කරයි. හඬ පට එක් සන්ධිස්ථානයකි.

මෙවැනි චරිත දැඩි අස්ථාවරත්වය කින් පෙළෙති එනිසා ඔවුහු නිරන්තර අවධානය පතති. මෙය විභාග වලට ලිවීම සිට හඬ පට මුදාහැරීම දක්වා ව්‍යාප්ත විය හැකිය.

ලිංගිකත්වය

ලිංගිකත්වය දෙස බලන විට ඒ තුළ පෙන්නන්නෙ ඔහුගේ අස්ථාවර බවයි. ඔහු පහසු ගොදුරු හොයාගනි. බල සම්බන්ධතාවය තුළ මේ ගොදුරු හසුරුවා ගත හැකි බව ඔහු දනී. සුරක්ෂිතබව යනු රන්ජන් රාමනායක ද දුරස්ථ ඉඩකඩකි. එනිසා හැම විටම ප්‍රහාරාත්මක වෙමින් සුරක්ෂිත වීමට උත්සාහ කරයි.

ඔහු සමාජය කුණු වී ඇති තරම ඉවෙන් සහ භාවිතයෙන් දැනගනී. කාට මොනව වුනත් ඔහුට ගැටලුවක් නැත. ඔහුගේ සමාජ වටිනාකම රැඳී ඇත්තේ මේ කුණු ගොඩ තුළ බව ඔහු දනී. මේ කුණු ගොඩ තමන්ට වාසිදායක ලෙස තරණය කිරීමේ කලාව තමන් දන්නා බව ඔහු සිතයි. එහෙත් ඔහු හැම විටම වීමට නිවැරදි නොවීමට ඉඩ ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.