රන්ජන් රිමාන්ඩ් – මීළඟට?

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නුගේගොඩ මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා නියෝග කොට ඇත. මේ සිදුවීම හා බැඳුනු බොහෝ දේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතී. විශ්ලේෂණයට පොලිස් කණ්ඩායම් දහයක්

ලක්ෂයකට අධික දුරකතන සංවාද ඇතුළත් හඬපට ප්‍රමාණයවිශ්ලේෂණය කිරීම සඳහා සහකාර පොලිස් අධිකාරීවරුන්ගෙන් සමන්විත. බස්නාහිර පළාත තුළ ඇති පොලිස් ස්ථාන වලින් හා විශේෂ ඒකක වලට අයත් පරීක්ෂණ ශ්‍රේණියේ නිලධාරීන් මේ කණ්ඩායම් සඳහා පත්කර ඇති බවත් එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයකු , ස්ථානාධිපතිවරයකු ඇතුලු සිව් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් පත්කර ඇති බව පොලිසිය කියා සිටී

හඬ පට ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු හාරා විකාශනය කරන්න – ජනතා විමුක්ති පෙරමුණ

දුරකථන සංවාද හඬ පට ගැන ජනාධිපති කොමිසමක් පත් කිරීම ඵල රහිත කාර්යකැයි ද ඒවා ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මගින් යූ ටියුබ් චැනලයක් ඔස්සේ ජනතාවට අසන්නට විකාශය කළ යුතු යැයි ද ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත වසන්ත සමරසිංහ මහතා පැවැසීය.

ජනාධිපති කොමිසමක් පත් කිරීමෙන් සිදුවන්නේ මහජන මුදල් තවත් වටයකින් විනාශ කිරීමක් යැයි ද හඬපට යූ ටියුබ් චැනලයක් ඔස්සේ විකාශය කිරීමෙන් ආණ්ඩුවට ආදායමක් උපයා ගත හැකි යැයි ද සමරසිංහ මහතා කීය .

ආණ්ඩුවට බලපෑම

දැනට පෙනෙන ලද පරිදි මෙම හඬ පට එක්සත් ජාතික පක්ෂයට අවශ්‍ය වුවත් ඉදිරියේදී හෙළිදරව් විය හැකි තොරතුරු අනුව ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයින්ගේ හෙළිදරව් විය හැකිය එවිට රන්ජන් රාමනායක මහතාට එරෙහිව ගෙනයන වැඩපිළිවෙළ බූමරංගයක් විය හැකිය. අනෙක් අතට රංජන් රාමනායකගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස වෙනුවෙන් පෙනී සිටින පිරිස් වල ක්‍රියාකාරීත්වයද වැඩි විය හැකිය. මේ නිසා මේ තත්ත්වය සම්බන්ධයෙන් යම් පාලනයක් ඇති කර ගත යුතු බව මතයක් පල වී තිබේ.

හඬ පට වල නීත්‍යානුකූල බව

රහසිගතව පටිගත කරන ලද හඬ පට මාධ්‍ය වෙත මුදා හැරීමේ දී කිසියම් පාර්ශවයකට අගතියක් සිදු වූයේ යයි විශ්වාස කෙරෙන්නේ නම් එහිදී එය පටිගත කළ පුද්ගලයාට එරෙහිව අපහාස නඩුවක් පවරා වන්දියක් ඉල්ලීමේ හැකියාව පවතී.

“එහෙමත් නැත්නම් එම තැටිගත කිරීම් යම්කිසි විකෘති කිරීමකට ලක් කරලා, නැත්නම් යම් වෙනස් කිරීම්වලට ලක් කරලා තියෙනව නම් එබඳු අවස්ථාවකදි හැකියාව තිබෙනව සාපරාධී විශ්වාසය කඩ කිරීම හෝ එබඳු ආකාරයේ අපරාධමය වරදක් සඳහා කටයුතු කිරීමේ හැකියාව තිබෙනවා.” ගොවි නීතීඥ නුවන් බෝපගේ පෙන්වාදෙයි.

හඬ පටු ප්‍රචාරය කිරීම

සිය සේවාදායකයාගේ නිවසේ දී පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද හඬ පට පොලිසියෙන් පිට වී මාධ්‍යවල ප්‍රචාරය වන්නේ කෙසේ දැයි විමසමින් රන්ජන් රාමනායක මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටින නීතිවේදිනී ආශා කහවත්ත මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියාය.

“අධිකරණය කිවුවේ තවමත් මේ වනතුරු මෙවැනි නඩු භාණ්ඩ අධිකරණයට භාර දීල නොමැති බව,” යනුවෙන් ද පසුගිය ජනවාරි 09 වෙනි දින ඇය සඳහන් කළාය.

“වැටලීමෙන් පසුව තමයි මේ සියල්ලම වාදනය වන්නේ, ඒ නිසා අපි සැක කරනවා පොලිසිය මගින් යන්නට ඇති කියල.”

හිතන තරම් ලේසි නැත

සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයකින් බැලූවිට මෙම සිද්ධිය අයත් වන්නේ සංකීර්ණ සහ අර්බුදකාරී අවස්ථාවක කෙළේය. මෙවැනි අවස්ථාවල අපේක්ෂිත ප්‍රතිඵලයට වඩා ලැබෙන්නේ අනපේක්ෂිත ප්‍රතිඵලය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.