රනිල්ට අමතක වූ ක්‍රිකට් ව්‍යසනය

යාපනයට ගිය අගමැති රනිල් වික්‍රමසිංහ ක්‍රිකට් ක්‍රීඩාවේ දී සාමූහිකව ක්‍රීඩා කිරීමේ වැදගත්කම මතක් විය. උත්සව සභාව ඇමතු අග්‍රාමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය.

”ඊයේ රාත්‍රියේ ඔබ බොහෝ දෙනෙක් රාත්‍රී 12ට කලින් නිදා ගත්තෙ නැතුව ඇති. ඔබ ලෝක කුසලාන තරඟය බලන්න ඇති. එංගලන්තය තමයි ලෝක කුසලානය ජයග්‍රහණය කළේ. එම කණ්ඩායම විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. කණ්ඩායමේ නායකයා සංක්‍රමණිකයෙක්. ස්ට්‍රොක් ක්‍රීඩකයා සංක්‍රමණිකයෙක්, හොඳම පන්දු යවන්නා සංක්‍රමණිකයෙක්. තව එක්කෙනෙක් දෙන්නෙක් හිටියා අවුරුදු පහකට හයකට පසුව එංගලන්තයට ඇවිත් ඉංග්‍රීසි ජාතිකයන් වුන. ”

ඔවුන්ට අමතක වූ යමක් ද මෙහි විය. අවසාන් තරඟයේදී තරග තීරක ලෙස රංජන් මඩුගල්ලේ විනිසුරුවරයෙක් ලෙස කුමාර ධර්මසේන සහභාගිවීමත් ශ්‍රී ලාංකිකයින් ගේ නෙතට කඳුළක් ඉමෝ මොහොතක් විය.

එංගලන්තය ලෝක කුසලානය අභිමානය ෂැම්පේන් සමඟ සමරද්දී බොහෝ දෙනාගේ සිතට නැඟුණේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව මෙතරම් පහත් මට්ටමකට වැටුණේ මන්ද යන්නයි. රාජ්‍ය ක්‍රිකට් වලට අද නො ගැසුවා නම් මේ වියසනය මේ ආකාරයකට වීමට ඉඩ නොතිබූ බව රනිල් වික්‍රමසිංහ මතක් නොවීම කනගාටුවකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.