රනිල්ට එරෙහි විශ්වාසභංග යෝජනාවක් – නාමල්

namal rajapakshaඅගමැති රනිල් වික්‍රමසිංහට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

බීබීසී සිංහල සේවය සමග ‘ෆේස්බුක්’ ඔස්සේ සිකුරාදා (මාර්තු 02) ලන්ඩන්යේ BBC මූලස්ථානයේදී සජීවී සංවාදයකට සහභාගී වූ මන්ත්‍රීවරයා, අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව සඳහා දැනටමත් අත්සන් එකතු කර ඇති අතර එයට සහයෝගය දීමට එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව ඇති බව සඳහන් කළේය.

එම විශ්වාසභංග යෝජනාව සකස් කරන ලද්දේ එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායම් එවැනි යෝජනාවක් සඳහා යොමුවීමට පෙර බවත් නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා පවසයි. කොළඹ පිහිටි ප‍්‍රධාන පෙලේ විහාරස්ථානයක සිට මෙම අත්සන් ගැනීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ එජාපයේම පිරිසක් විසින් බව විමල් වීරවංශ ගේ වෙබ් අඩවිය වාර්තා කරයි .

මේ අතර එස් බී දිසානායක ඇමතිවරයා පවසන්නේ ආණ්ඩුවේ පැවැත්ම අවිනිශ්චිත බවයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.