රනිල්ට සදා සර් කියන්න පොරොන්දු වූ මෛත්‍රී ගේ වෙනස්වීම

maithripala-sirisenaරනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්ව එක්සත් ජාතික පක්ෂයේ වෙනත් අයෙක් එම තැන ගත යුතු බව ජනාධිපතිවරයා ඉතා ඕනෑකමින් එක්සත් ජාතික පක්ෂයට දන්වා ඇති බව වාර්තා වේ.

මේ පිළිබඳව අදහස් පල කළ මන්ත්‍රීවරයෙක් පැවසුවේ එදා තමන් බලයට පත් වූ පසුත් රනිල්ට සර් කියන බව පැවසු ජනාධිපතිවරයා දැන් සියළු වරද රනිල් පිට පටවන්නට උත්සාහ කිරීම බොළඳ ක්‍රියාවක් වන බවයි.

නායකත්වයට කරු ජයසුරිය සහ සජිත් ප්‍රේමදාස ආදී නම් යෝජනා කිරීම පක්ෂය තුල අර්බුද නිර්මාණය කිරීමක් මිස් ඊට වැඩි යමක් නොවන බවයි පසු පෙළ මන්ත්‍රීවරු පවසන්නේ.

නලින් ජයතිස්ස මන්ත්‍රීවරයා පැවසුවේ තමන් සිරස මාධ්‍ය ආයතනයෙන් විමසා නව අගමැතිවරයෙක් පත් කර ගන්නා බවයි.

තනි ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාම සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් අමාත්‍ය මංගල සමරවීරගේ නිවසේ පැවති හමුවකදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට ඇත. ආණ්ඩුවේ වැඩ සුපුරුදු ලෙසින් ක්‍රියාත්මක වනු ඇත.

ඉඩමක් වංචා සහගත ලෙස විකිණීම පිළිබඳව රාජපක්ෂ මාධ්‍ය මෙහෙයුම්කරුවෙක් වූ රොහාන් වැලිවිට FCID වෙත කැඳවා තිබින.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.