රනිල් ගැන ආරංචි තටු ගසයි

ranil wickramasingheඅගමැතිවරයා දැනුවත්ව මහ බැංකුව තමන් යටතට පත් කර ගැනීම සහ අර්ජුන් ඇලෝෂියස් තම ව්‍යාපාරික කටයුතු වලින් ඉවත්වෙන බව සිතා වැඩ කළ බව පිළිගත නොහැකි බව මාධ්‍යවේදී කුසල් පෙරේරා කියා සිටී.

මේ අතරවාරේ අගමැති වරයාට දොස් පැවරෙන කරුණු දැක්වීමක් අන්තර් ජාලයට එක් වී ඇතත් අතර අගමැතිවරයාට මෙන්ම හිටපු මුදල් ඇමති රවී කරුණානායකට එරෙහිව නඩු පැවරීම නීතිපතිට බලකිරීමක් පවතින බව සනාථ නොවූ වාර්තා පල වෙමින් පවතී. මේ අතරවාරේ එක්සත්ත ජාතික පක්ෂ ආරංචිමාර්ග කියා සිටින්නේ රනිල්වික්‍රමසිංහ මේ කිසිත් ගණන්නොගෙන සම්මුතිවාදී ලෙස කටයුතු කරගෙන් යන බවයි.

පළාත් පාළන මැතිවරණයෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්මුතිවාදය හැර අන් විකල්පයක් නැති බව තේරුම් ගිය පසු බැඳුම්කර සුළි සුළඟ වෙන අතකට හමන්නට පටන් ගන්නා බව එක්සත් ජාතික පක්ෂයට සමීප ආරංචි මාර්ග කියා සිටී.

මේ රනිල්ට එරෙහිව රජ වාසල ට සමීප දෙසකින් නැගුන චෝදනා

1. මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත් කිරීම;

කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයාගේ එකඟතාවය මත එතුමන් විසින් ජනාධිපතිවරයාට අර්ජුන මහේන්ද්‍රන් පත්කරලීමට නිර්දේශ කිරීම.

2. අර්ජුන මහේන්ද්‍රන්ගේ පුරවැසිභාවය පිළිබඳ ගැටලුව

කොමිසමේ සොයාගැනීම්: එවැනි විදේශීය පුරවැසිභාවයක් සහිත පුද්ගලයකු නිර්දේශ කරන ලද පුද්ගලයාගේ ප්‍රමුඛත්වයන්ට හෝ හොඳ නරක පිළිබඳ දැක්මට අනුව තීරණය වන්නක්.

3. මහ බැංකු අධිපතිවරයා ලන්සු තැබීමේ ක්‍රමවේදය වෙනස් කරලීම පිළිබඳ ගැටලුව

කොමිසමේ සොයාගැනීම් : අග්‍රාමාත්‍යවරයා උපදෙස් පමණක් ලබා දෙන ලදී. නමුත් මහ බැංකු අධිපතිවරයා එම ක්‍රමවේදය ඒකපාර්ශ්වීය ලෙස වෙනස් කරන ලදී.

4. අර්ජුන මහේන්ද්‍රන් සහ අර්ජුන ඇලෝසියස් අතර පවතින ඥාති සම්බන්ධය හේතුවෙන් ඇතිවන අභිලාෂයන්හි ගැටුම

කොමිසමේ සොයාගැනීම්: අග්‍රාමාත්‍යවරයා විසින් මහ බැංකු අධිපතිවරයා මත තබන ලද විශ්වාසය වැරදි වීම.

අග්‍රාමාත්‍යවරයා විසින් ඔහු මහ බැංකු අධිපතිවරයා වෙත තබන ලද විශ්වාසයේ ගෞරවය ආරක්ෂා කරනවාදැයි විමසා බැලීමට සක්‍රිය ලෙස දායක නොවීම පිළිබඳ කොමිසම කනගාටුව ප්‍රකාශ කරන ලදී.

5. පිටිපන කමිටුව පිළිබඳ ගැටලුව

කොමිසමේ සොයාගැනීම්: පිටිපන කමිටුව මෙම විෂය ක්ෂේත්‍රය පිළිබඳ ගනුදෙනු කිරීමට අවශ්‍ය තාක්ෂණික දැනුමෙන් තොරවීම. ආරම්භයේදීම අග්‍රාමාත්‍යවරයා මේ සම්බන්ධයෙන් තාක්ෂණික දැනුමින් සන්නද්ධ කමිටුවක් පත් කළ යුතුව තිබුණි.

6. අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවේ දී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන්: ‘‘මහේන්ද්‍රන් වෙන්දේසි ක්‍රියාවලියට මැදිහත්වීමක් නොවූ බව”

කොමිසමේ සොයාගැනීම්: සාක්ෂි ඊට විරුද්ධ කරුණක් ඔප්පු කර පෙන්වා තිබීම. අග්‍රාමාත්‍යතුමා විසින් මෙම ප්‍රකාශය වඩා හොඳ උපදෙස් ලබාගෙන කළ යුතුව තිබුණි. අර්ජුන මහේන්ද්‍රන් හා නියෝජ්‍ය අධිපතිවරයා වන සමරසිරි අග්‍රාමාත්‍යවරයාව නොමඟ යැවීම. මෙවැනි ප්‍රකාශයක් සිදු කර ලීමට පෙර මහ බැංකුව තුළ කුමක් සිදු වුනි දැයි ස්වාධීනව විමර්ශනය කළ යුතුව තිබුණි.

7. දූෂණ චෝදනාවක් පළමු වරට එල්ල වූවාට පසු ද අර්ජුන මහේන්ද්‍රන්ට තම ධුරයේ කටයුතු කිරීමට ඉඩ සැලසීම.

කොමිසමේ සොයාගැනීම්: මෙම කාලවකවානුව තුළ අර්ජුන මහේන්ද්‍රන්ගේ ක්‍රියාවන් සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට දක්ෂ, සුදුසු සහ දැනුවත්භාවයකින් යුක්ත කමිටුවක් පත් කළේ නම් තත්ත්වය මීට වෙනස් වනු ඇත. අර්ජුන මහේන්ද්‍රන් වැරදි කිසිවක් සොයා ගැනීමට නොහැකි වූයෙන් ඔහු මහ බැංකු අධිපති ධුරයෙන් ඉත් කරන තෙක් එහි සේවය කරන ලදී.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.