රනිල් ගේ ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි

Ranil Wickramasingheඅගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ආර්ථීක කලමනාකරණ කමිටුව අහෝසි කරන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරේදා (27) පැවැති කැබ්නට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

ගත වු කාල සීමාව තුළ දී එම ආර්ථික කමිටුවෙන් කිසිවක් ක්‍රියාත්මක වී නැති බවද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ යැයි එම ආරංචි මාර්ග කියයි. වොග්ස් වැගන් වාහන නිෂ්පාදන ව්‍යාපෘතිය,හොරණ ටයර් නිෂ්පාදන කම්හල ආදිය පසුගිය කාලයේ කීවද ඒවා රට නොමග යවන සුළු ප්‍රකාශ පමණක් වී යැයි ද ජනාධිපතිවරයා කී බව වාර්තා වේ.

මේ අතර වාරේ ජනාධිපතවරයා විසින් ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාවක් පිහිටුවා ඇත. ජනාධිපතිරයාගේ සැලැස්ම වන්නේ මාස කිහිපයකට පෙර ආරම්භ කළ ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාව පාර්ලිමේන්තු පනතක් මඟින් සම්මත කර මෙරට ස්ථාවර ව්‍යවස්ථාපිත ආයතනයක් බවට පත් කිරීම බව ශ්‍රී ලංකා ජාතික ආර්ථික සභාවේ මහ ලේකම් සහ ප්‍රධාන ආර්ථික විශේෂඥ මහාචාර්ය ලලිත් පී. සමරකෝන් මහතා පවසයි.

මෙහි කලමනාකරණ මණ්ඩලය අගමැතිතුමා, මුදල් ඇමැතිතුමා, ජනාධිපති ලේකම්, අග්‍රාමාත්‍ය ලේකම්. අමාත්‍ය මණ්ඩල ලේකම්, මහ බැංකු අධිපති, මුදල් අමාත්‍යාංශ ලේකම්, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ගෙන් සමන්විතයි.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.