රනිල් තේරීම් කාරක සභාව ඉදිරියට

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය පිළිබඳව මේ දින වල පවත්වන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂිදීමට අගමැති රනිල් වික්‍රමසිංහ එකඟ වී ඇත. හමුදාපති මහේෂ් සේනානායක සහ පොලිස් බුද්ධි සේවාවේ ප්‍රධානී පොලිස්පති ජයවර්ධන මෙම කමිටුව ඉදිරියට කැද වීමට නියමිතය.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත දෝෂාරෝපණ එල්ල කළහැකි ආකාරයට පක්ෂග්‍රාහී ලෙස මෙම කමිටුව කටයුතු කරන බව චෝදනා එල්ල වී ඇත.

සාක්ෂි ලබාගැනීමේ කටයුතු හමාර වන ආසන්නයේ අගමැතිවරයා , බුද්ධි සේවයේ ප්‍රධානියා සහ හමුදාපතිවරයා කැඳවීමට නියමිත බවයි වාර්තා වෙන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Comment moderation is enabled. Your comment may take some time to appear.