රනිල් බාල්දි පෙරලිල්ල අත්නොහරියි

ranil

කොළඹ නෙළුම්පොකුණ රඟහලේ මේවනවිට පැවැත්වෙන ‘සමගි ජන බලවේගය’ සමාරම්භක උත්සවය සඳහා සහභාගිවන මන්ත්‍රීවරුන්ට එරෙහිව පියවර ගැනීමට රනිල් වික්‍රමසිංහ හා උත්සාහ දරමින් සිටී.  මෙම උත්සවයටනිල වශයෙන් සහභාගි නොවීමට එක්සත් ජාතික පක්ෂය තීන්දු කර තිබේ.

‘සමගි ජන බලවේගයේ’ මැතිවරණ සලකුණේ ගැටළුව සහ එම බලවේගයේ ව්‍යවස්ථාව තීරණය කිරීම තමන් සතු යුතු බව රනිල් වික්‍රමසිංහ කල්පනා කරයි.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂයේ ‘අලියා’ ලකුණින් තරඟ වැදීමට එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය තින්දුකළ බව එම රැස්වීමෙන් අනතුරුව වික්‍රමසිංහ විසින් මාධ්‍ය හමුවක් කැඳවා දැනුම් දී සිටියේය. සජිත් ප්‍රේමදාස කියාසිටින්නේ ජාතික සමගි බලවේග යනු එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් අනුමත කළ කළ වැඩපිළිවෙළක් බවයි.

සමගි ජනබලවේගය පැවැත්වෙන උත්සවය වේලාවටම එක්සත් ජාතික පක්ෂයේ පළාත් පාලන නියෝජිතයන් සඳහා රැස්වීමක් රනිල් වික්‍රමසිංහ විසින් කැඳවා ඇති අතර ඊට ප්‍රමාණවත් සහභාගීත්වයක් නොලැබුණු බවයි වාර්තා වෙන්නේ.

එක්සත් ජාතික පක්ෂයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන ඕනෑම පුද්ගලයෙකු විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට රනිල් වික්‍රමසිංහ දැනටමත් තීරණය කොට ඇතත් මේ තීරණය පාරාවළල්ලක් විය හැකි බව සජිත්ට හිතවත් පිරිස පෙන්වා දෙති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Comment moderation is enabled. Your comment may take some time to appear.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.