රනිල් වික්‍රමසිංහට අනතුරක් නැත

ranil-wickramasingheඅගමැති රනිල් වික්‍රමසිංහ තනතුරෙන් ඉවත් කළ හැක්කේ විශ්වාශභංගයකින් පමණක් බව නීතිය පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය මේනක හරන්කහව පවසයි. 19 ව්‍යවස්ථා සංසෝධනය යටතේ ජනාධිපතිවරයාට අගමැති ඉවත්කළ නොහැක.

හිටපු අගවිනිසුරු සරත් සිල්වා පවසන්නේ යහපාලන සම්මුතිය කල් ඉකුත් වී ඇති හෙයින් දැන් කැබිනට් මණ්ඩලය නීති විරෝධී බවයි. එ තර්කය පිළිගත්තත් අගමැතිවරයා ඉවත් කිරීමට එයින් පදනමක් සැපයෙන්නේ නැත.

එ අනුව අගමති රනිල් වික්‍රමසිංහ බලයෙන් පහ කළ හැක්කේ දරුණු පාවා දීමකින් පමණි. දෙමල ජාතික සන්ධානය , ජනතා විමුක්ති පෙරමුණ, සහ එක්සත් ජාතික පක්ෂයේ බහුතරයක් වික්‍රමසිංහ පවා දිය යුතුවේ. දැනට පවතින තත්වය අනුව එසේ සිදුවීමට ඉඩක් නැත. ඒ අනුව ලබන බ්‍රහස්පතිදා යොදාගත් පරිදි නව කැබිනට් මණ්ඩලයක් දිවුරුම් දෙනු ඇත.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.