රනිල් වෙනුවෙන් ෆොනී

sarath fonsekaදෙදහස් පහළොව වසරේ ජනාධිපතිවරණයේදී සිදුවූ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා 2020 ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරයා බවට පත් කිරීමට කටයුතු කරන බව ප්‍රාදේශීය සංවර්ධන තිරසර සංවර්ධන හා වනජිවී අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා පෙරේදා (06) පැවැසීය.

ඉකුත් ජනාධිපතිවරණයට ද රනිල් වික්‍රමසිංහ මහතාට ජනාධිපති අපේක්ෂක ලෙස ඉදිරිපත් වන ලෙස තමන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායකයා ලෙස ඉල්ලීමක් කළ බවද ඒ මහතා කීය.  ඒ අවස්ථාවේදී නිවැරදි තීරණයක් නොගත් බවත්, එලෙස වැරදි තීරණයක් ගැනීමේ ප්‍රතිඵල අද භුක්ති විඳිමින් සිටින බවත්, ෆොන්සේකා මහතා පෙන්වා දුන්නේය. ආණ්ඩුවේ ගෞරවය රැකගැනීමට නොහැකිව අද ළතැවීමට සිදුවී ඇත්තේ එදා ගත් වැරදී තීන්දුව නිසා බවද හෙතෙම අවධාරණය කළේය.

එබැවින් 2020 ජනාධිපතිවරණයේදී ඒ වැරැද්ද නිවැරදි කර ගැනීම සඳහා කටයුතු කළ යුතු බවත්, පෞද්ගලික න්‍යාය පත්‍ර පසෙකලා සියලු දෙනා ඒ වෙනුවෙන් කැපවිය යුතු බවත් ඒ මහතා පැවැසීය. එසේ නොවුණහොත් සිදුවන්නේ නැවතත් අපි ගැන අපිටම ලැජ්ජා වීමට බවද අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා කීය.
සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති එක්සත් ජාතික පක්ෂ මැයි දිනයේදී සරත් ෆොන්සේකා මහතා මෙම කරුණු අනාවරණය කළේය.

සබැඳි පුවත්

Leave a Reply

Your email address will not be published.

Comment moderation is enabled. Your comment may take some time to appear.